නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. බි. දිසානායක මහතාට මෙවර ඇමතිධුරයක් නොලැබිම දැඩි කනගාටුවට කරුණක් බව ශ්‍රිලංකා නිදහස් පක්ෂ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.

හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත 16වන දින මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

එස්. බි. දිසානායක මහතා 1994 වර්ෂයේ සිටම පැවති විවිධ රජයන්වල විවිධ ඇමතිධුර දරමින් සිටි බවත් ඔහු නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මෙන්ම රට තුලද ජනතාවගේ ප්‍රසාදය දිනා ගත් අයකු බවත්ය.

එමෙන්ම මෙවර පැවති පාර්ලීමේන්තු මැතිවරණයේදි එස්. බි. දිසානායක මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රිලංකා නිදහස් පාක්ෂියන් තුල දැඩි උද්යෝගයක් ඇතිවුන බවත් එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කය මෙවර පොදු ජන පෙරමුණයට ජය ගත හැකිවු බවද පවසන ලදි.

යහා පාලන රජයේ සිටි ශ්‍රිලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පොදු ජන පෙරමුණට එක් කර ගැනිමටද එස්. බි. දිසානායක මහතා විශාල කාර්යක් කල බවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් කැඩි ගොස් සිටි විශාල පිරිසක් පොදු ජන පෙරමුණට එක් කර ගැනිම සදහාද එස්. බි. දිසානායක මහතා සුවිසල මෙහෙයක් කල අතරම තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසු නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායකත්වය ලබා ගත හැකි අය ලෙස එස්. බි. දිසානායක මහතා නම් කල හැකි බවද ඔහු පවසන ලදි.

එම තත්වයන් මත එස්. බි. දිසානායක මහතා වැනි අයකුට ඇමතිධුරයක් නොලැබිම දැඩි කනගාටුවක් බවත් මෙම තත්වයන් පිලිබදව එස්. බි. දිසානායක මහතාගේ ජයග්‍රහානය වෙනුවෙන් කැපවුන පිරිසද දැඩි ලෙස කලකිරිමට පත්ව ඇති බවද ප්‍රදිපන් මහතා තව දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories