ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තම කණ්ඩායමට ඡන්දය ඉල්ලන්න සිදුවුනේ එස්. බි. දිසානායක, සි.බි. රත්නායක වැනි පරාජිතයන් තමන්ට අවස්ථාව නොදුන් නිසා බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තම කණ්ඩායම මංත්‍රිධුර දෙකක් හිමි කර ගන්නා බවත් නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක නිතිඥ ජනජිත්ද සිල්වා මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි 27 වන දින සවස මාධ්‍ය වෙත මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු නිතිඥ ජනජිත්ද සිල්වා මහතා එස්. බි. දිසානායක මහතා කියා තිබෙනවා දයාසිරි ජයසේකර මහතා පොහොට්ටුවෙන් ඡන්දය ඉල්න විට මෙහි ඇවිත් අතට ඡන්දය ඉල්ලන්නේ කලිසමක් ඇද ගෙනද කියලා එත් පොහොට්ටුව සමග අපි ගැටුමකට මේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඡන්දය ඉල්ලන්නේ නැහැ අපිත් ඡන්දය ඉල්ලන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දෙන්නයි.

අපි පොහොට්ටුවෙන් ඡන්දයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන්න හිටියත් එස්. දිසානායක, සි. බි. රත්නායක වැනි අය පැරදෙයි කියන බයට අලුත් අපිට අවස්ථාව දුන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබෙනවා උගතුන් බුද්ධිමතුන්ට තැන දෙන බව එම පැහැදිලි දර්ශනය මතයි අපි ඡන්දය ඉල්ලන්නේ අපි අත ලකුණෙන් තරග කරලා මේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මංත්‍රිධුර දෙකක් ලබා ගන්නවා.

ලංකාවේ වැඩිම සංචාරක ආකර්ෂනයක් තියෙන්නේ මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුලයි එමෙන්ම වැඩිම දියර කිරි නිස්පාදනයක් තියෙන්නෙත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියයට අසුවක පමන එලවලු නිස්පාදනය වෙන්නෙත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ එත් ලංකාවේ දුප්පත්, දුෂ්කර, අඩු අදායම්ලාභින් ඉන්නෙත් මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුලයි.

එතරම් දේවල් මෙහි තිබිලත් මෙම දිස්ත්‍රික්කය දියුනු වෙලා තියෙනවාද මෙහි ජනතාවට සෙතක් වෙලා තියෙනවාද මම වගකිමෙන් කියන්නේ 1994 ඉදන් මෙහි හිටපු එස්.බි, සි. බි, වැනි අය මෙම තත්වයන්ට වග කිව යුතුයි එම නිසා මෙම තත්වයන් වෙනස් කිරිමට මෙහි ජනතාව මෙවර මැතිවරණයේදි පියවර ගත යුතුයි අවශ්‍ය නම් මේ නුවරඑළියේ දේශපාලනය ගැන සංවර්ධනය ගැන විවාදයකට එන ලෙසත් මම එස්. බි. දිසානායක හා සි. බි. රත්නායක මහත්වරුන්ට අභියෝග කරනවා.

මම බෞද්ධයෙක් එත් කිසිම ආගමකට කිසිම පුජකවරයකුට ගැරහිම අවමන් කිරිම මම අනුමත කරන්නේ නැහැ හරින් ප්‍රනාන්දු මහතා අතිඋතුම් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ට අවමන් කිරිම මම හෙලා දකිනවා අපි දේශපාලන කිරිමේදි හෝ වෙනත් තැනකදි හෝ ආගම් හා පුජක පක්ෂ කෙරේහි යම් භක්තියක් තබා ගෙන කටයුතු කිරිමට පියවර ගත යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා  – හැටන්

More Stories