පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය.

දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන මැතිවරණයේදි කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාව වෙනුවෙන් තරගකල ගාමිනි ජයසේකර අපේක්ෂකා විසින් ජේෂ්ඨ නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා මගින් අධිකරණයට ඉදිරිපත්කර තිබු පෙත්සමක් සලකා බලමින් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කලේය.

ස්වාධින පක්ෂයක් නියෝජනය කරමින් කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවට තරගකල ජිනපාලගේ තිලකරත්න මහතා ඇතුළු හත්දෙනෙකු මැතිවරණ නඩුවේ වගඋත්තර කරුවන් වශයෙන් නම්කර තිබේ.

2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදි කහටගස්දිගිලිය කොට්ඨාශයේ තැපල් ඡන්ද ගණනය කිරිමේදි නියමිත ක්‍රමවේදයෙන් තොරව අවලංගු කිරිම නිසා පෙත්සම්කාර ගාමිනි ජයසේකර මහතා හා වග උත්තරකාර ජිනපාලගේ තිලකරත්න යන දෙදෙනාට සමසමව ඡන්ද ලැබි තිබු බවත් එහිදි කාසිය වාසිය උරගා බැලීමේදි එහි වාසිය වග උත්තරකාර ජිනපාලගේ තිලකරත්න මහතාට හිමිවි තිබුණු බවත් පෙත්සමේ සදහන්වේ.ඒ අනුව පෙත්සම්කරුට මන්ත්‍රීධූරය අහිමිවි තිබු අතර තැපල් ඡන්දය ගණනය කිරිමේදි නියමිත ක්‍රමවේදයෙන් බැහැරව එම කටයුත්ත සිදුවී ඇති හෙයින් අගතියක් සිදුව ඇති බව කියමින් ඔහු අධිකරණයේ පිහිට පතා තිබුණි.

ස්වාධින කණ්ඩායමෙන් තරගකර කාසිය වාසිය දිනාගත් ජිනපාලගේ තිලකරත්න මහතා කහටගස්දිගිලිය ප්‍රාදේශිය සභාවේ සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත්වි තිබුණි.2002 අංක 01 සහ අංක 22 දරන පනත් වලින් සංශෝධිත පළාත් පාලන ආයතන ඡන්ද විමසිම් අඥා පනතේ 82 ජ වගන්තිය යටතේ පෙත්සම අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

මෙම නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඉදිරිපත්කර තිබු මූලික විරෝධතාවය ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා 2020 වසරේ පෙබරවාරි 11දා නැවත නඩුව විභාගයට ගන්නා බව විවෘත අධිකරණයේදි දැන්විය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories