ආණ්ඩුව සමග දේශපාලන ඩීල් දමාගෙන තුනෙන් දෙකක බලයක් ලබාදීමට කටයුතු නොකළ යුතු බවත්, විපක්ෂයේ බහුතර කැමැත්තට අනුව සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂ නායකධූරය ලබාදිය යුතු බවත් ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කීවේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.
අපි දේශපාලනයට එන විටත්, අප පාසල් යන කාලයේදීත් අපේ පක්ෂකයේ නායකයා වුනේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමා පක්ෂයට විශාල සේවයක් කළ අයෙක්. හැබැයි පක්ෂයට අලුත් වෙනසක් අවශ්යරයි. පැරදුනේ සජිත් ප්‍රේමදාස, ඒ නිසා නායකතුමා වෙනස් විය යුතු නැතැයි සමහරු කියනවා. මේ පැරදුනේ සජිත් ප්‍රේමදාස මැතිතුමා නොවෙයි. මේ පැරදුනේ සියලුදෙනා. පැරදුනේ මේ රටේ නිදහස, ප්රජාතන්ත්රවාදය හා යුක්තියයි. එතකොට මේ වෙලාවේදී ලක්ෂ පනස් පහකට වැඩි මේ රටේ ඡන්ද දායකයින් පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල පිළිගෙන තිබෙනවා.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයත් සමග අපිට හොද ඉදිරියක් එවිට හදාගත හැකියි. ඉදිරි වසර පහ ඇතුළත අපිට ආණ්ඩු බලයක් ලබාගැනීමට අවස්ථාව ලබාදීමට සියලු දෙනාම එකමුතුවෙලා සාමූහික තීන්දුවක් ගත යුතුයි. අද අපි හමුවන හැමෝම කිව්වේ සජිත් ප්‍රේමදාස මහත්තයාත් එක්ක අලුත් ගමනක් යමු කියලයි. එහෙම අලුත් ගමනක් යන්න බැරි නම් වෙනම ගමනක් හරි යමු කියලයි ඔවුන් කියන්නේ. මේක තමයි ජනතා මතය. අපිට ජනතාවගේ මතයට ගරු කිරීමට සිදුවෙනවා.
ප්රජාතන්ත්රවාදය කියන්නේ වැඩි දෙනාගේ කැමැත්ත. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින වැඩි දෙනාගේ ඉල්ලීම වන්නේ විපක්ෂ නායකධූරයට සජිත් ප්‍රේමදාස මහත්තයා පත් කරන්න කියන එකයි. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ විශාලම පක්ෂය එක්සත් ජාතික පක්ෂය.
මේ වෙලාවේදී අහිංසක පාක්ෂිකයා රැක ගැනීමට කටයුතු කළ යුතුයි. එහෙම නැතිව තම තමන්ගේ ඩීල් වෙනුවෙන් ආණ්ඩුවට සහාය දෙන්න කතා කරනවා. කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉටු කරලා, රාජපක්ෂලාට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙන්න සමහර ඩීල් දාන අය සූදානම් වෙනවා.
මේ වෙලාවේ ජනමතය අනුව කටයුතු කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ කියන්නේ දේශපාලන අත්දැකීම් ඇති අයෙක්. ඔහුට ජනමතය ගැන හරි වැටහීමක් ඇති කරගෙන පක්ෂයට සාධාරණයක් කරාවි කියන බලාපොරොත්තුව අපිට තිබෙනවා.