ඈත අතීතයේ සිටම ලෝක ධනවාදී සමාජ ක්‍රමයට ඒරෙහිව විශාල සමාජ ව්‍යාපාරයන් ලොව පුරා ගොඩනැගුණි. සමහර රටවල ඒසේ ගොඩනැගුණු සමාජ ව්‍යාපාරයන් විශාල බලවේගයන් බවට පත්වී, පැවති ධනේෂ්වර රාජ්‍යයන් පෙරලා දමා ඒහි සමාජවාදී රාජ්‍යයන් පිහිටුවීම සදහා ද කටයුතු කරනු ලැබීය.

රුසියාවේ පැවති සාර් රජ්‍ය ආණ්ඩුව පෙරලා දමා 1917 දී රාජ්‍ය බලය පැහැරගත් රුසියාවේ බොල්ෂෙවික් ව්‍යාපාරය ගැන මුලු ලෝකයේම අවධානය යොමු විය. ඉන් අනතුරුව චීනය, කියුබාව, නැගෙනහිර ජර්මනිය, ද කොරියාව වැනි රටවල්ද තුළද මෙය රැල්ලක් මෙන් පැතිරුනු අතර ඒහි බලය ලබාගත් ප්‍රගතිශීලීන් එම රාජ්‍යයන් හි පැවති ධනේෂ්වර සමාජ ක්‍රමය වෙනුවට, අර්ධ සමාජවාදී රාජ්‍ය ක්‍රමයන් ඒම රටවල් තුළ ක්‍රියාත්මක කරන්නට විය.

නමුත්, මෙම රැල්ල මහා බ්‍රිතාන්‍ය, ඇමරිකා ඒක්සත් ජනපදය ඇතුලු යුරෝපීය රටවල් තුළට පැමිණීමට ඒවක සිටි බලධාරීන් විසින් සම්පුර්ණයෙන් වැලැක්වූ අතර, වරින් වර පැණ නැගුණු ඒවැනි ප්‍රවනතා ඉතා මර්ධනකාරී ලෙස යටපත් කරනු ලැබීය. ඒමෙන්ම ඒම රටවල පැවතුනු කොල්ලකාරී ආර්ථික ක්‍රමයන් මෙන්ම මර්ධනකාරී පාලන ක්‍රමයන් වෙනස් කරමින් සමාජ පීඩනය කළමණාකරනය කරනු ලැබීමත් සිදු කරනු ලැබීය.

කල් යත්ම, ඉහත සමාජවාදී යැයි සැලකනු ලැබූ බොහෝ රාජ්‍ය අසුව දශකය මුල් අවධිය පමණ වන විට සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් ද විශාල පරිහානියට පත් වී පිරිහීමකට ද පත් විය. මෙහි දී මෙම තත්ත්වයට යම් පමණකට මුහුණ දුන්නේ රුසියාව, චීනය හා කියුබාව යන රටවල් වූ නමුත්, ඔවුන් යම් මට්ටමකට ආර්ථික සංවර්ධනයක් ඇති බව පෙනෙන්නට තිබුනත්, ඒහි මානව නිදහස, ප්‍රඡාතන්ත්‍රවාදී අයිතීන් සුරැකීම අනෙකුත් ධනේෂ්වර රටවල්වලට සාපේකෂ්ව විශාල වශයෙන් පරිහානියට පත් වී තිබුනි.

මෙම කාල වකවානුවේ දී ධනේෂ්වර රාජ්‍යයන් ලබා තිබු අතිරික්ත ප්‍රාග්ධනය තම රටේ පුරවැසි අයිතිවාසිකම් හා මානව නිදහස වෙනුවෙන් වැඩි වැඩියෙන් යෙද වූ අතර සාපේක්ෂව සමාජවාදි යැයි කියා ගන්නා රාජ්‍යයන්වල පුරවැසියන් බුක්ති විදි නිදහසට වඩා වැඩි නිදහසක් ධනවාදී ආර්ථිකයක් ක්‍රියාත්මක වූ රටවල පුරවැසියන් වෙත ලබා දීමට ඔවුන්ට හැකිය විය.

මේ හේතුව මත, තරැණ කාලයේ සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කැපවීමෙන් අරගල කල අපේ සහෝදර සහෝදරියන් පසුකාලීනව තෙප්පම්, බෝට්ටු, කන්ටේනර් හෝ වෙන යම් නීති විරෝධී ක්‍රමයන් හරහා හෝ, ඔවුන්ගේ පුර්වාදර්ශී රාජ්‍යයන් වු රුසියාව, චීනය හෝ කියුබාව වෙත යනවා වෙනුවට, ඔවුන් මුලින් හදුන්වාදුන් අධිරාජ්‍යවාදී ධනේෂ්වර රාජ්‍යයන් වෙත ඇතුල් විය. ඒමපනකින් නොනැවතී විවිධ බොරු ලිපි ලේඛණ ඉදිරිපත් කරමින් ඒම රටවල දේශපාලණ රැකවරණ ලබාගෙන පසුව ඒම රටවල් වල පුරවැසි භාවයද බොහෝ දෙනෙකු මේ වන විට ලබා ගෙන ද තිබේ.

දැනට ඉතිරි වී ඇති සමාජවාදී රාජ්‍යයන් කිහිපයද ධනවාදය ආර්ථික රටාවට අවතීර්ණ වීමත් සමගම සමාජවාදී රාජ්‍ය යන්න තව දුරටත් සිහිනයක් පමණක් වූ විට ඒදා මෙදා තුර කිසිවෙකුටත් මෙම ධනවාදී බලවත් රාජ්‍යයන්ට කිසියම්ම හෝ හානියක් කිරීමට කිසිවෙකු සමත් නොවීය.

යම් යම් අවස්ථාවලදී පැමිණි ස්වාභාවික උපද්‍රව වලදී පවා ඉතා ඉක්මනින් ප්‍රථිචාර දක්වමින් ඇති වූ හානිය සති කිහිපයක් තුළ යථා තත්ත්වයට පත්කර ගැනීමට මෙම ධනේෂ්වර රාජ්‍යයන් සමත් විය. දෙවැනි ලෝක යුද්ධයේ දී පවා මෙම රටවල් වලට වූ හානිය ඉතා ඉක්මනින් සමනය කර ගැනීමට ඔවුන් සමත් විය.

නමුත්, ඒසේ දියුණු යැයි අප සිතාගෙන සිට රාජ්‍යයන්ට පහර දෙන්නට ඉතා ශක්තිමත් මෙන්ම ප්‍රචන්ඩ හා ඉතා වේගවත් විනාශකාරී සතුරෙකු අද නිර්මාණය වී තිබේ. මෙම සතුරා සමාජවාදී යැයි කියාගන්නා රාජ්‍යයකින් ආරම්භ වුවද, මේ වන විට ඉතා දියුණු යැයි සැලකෙන ධනේෂ්වර රාජ්‍යයන් වෙත පැමිණ ඒහි ඒදි නෙදා ක්‍රියාකාරීත්වය මුලුමනින් නවතා දමමින් ධනේෂ්වර ආර්ථික පද්ධතියට ඉතා දරුණු ලෙස පහර දෙමින් සිටී.

හිරු නොබසින අධිරාජ්‍ය යැයි සැලකූ මහා බ්‍රිතාන්‍යයට පැමිණි මෙම විප්ලවවාදියා ඒහි ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන තුනටම මේ වන විට දැඩි බලපෑමක් ඇති කර තිබේ. චීනයේ ඇතැයි පැවසෙන නින්ඡා සටන් කළාව අනුව කටයුතු කරන මෙම නූතන විප්ලවවාදීයා, ඒරට අගමැති, ඇමති මෙන්ම ඔටුන්න හිමි කුමරුටත්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කිහිප දෙනෙකුට මේ වන විට හානිකර තිබේ. මෙම ලිපිය ලියන මොහොතේ මුහුණු පොතේ පැමිණි පණිවුඩයකින් කියවුනේ ඒංගලන්ත මහ රුජිනයටද මෙම සතුරා හානිකර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ හිටපු වාමාංශිකයින්ගේ මෙන්ම සිංහල දෙමළ කැරලිකරුවන්ගේ සැදෑසමය ගෙවන ක්ෂේම භූමියක් වු ඉතාලි රාජ්‍යයත්, අද වන විට විශාලා මහනුවරක් බවට පත්කරමින් සිටී, ඉතාලි වැසියන් පමණක් නොව ලෝක වැසියන්ද මවිත කරමින් ජීවිත දස දහස් ගණනින් බිලි ගනිමින් මුලු ධනපති ආර්ථික ක්‍රියාවලියම ඇණ හිට්ටවීමට මෙම නූතන විප්ලවවාදියාට හැකියාව ලැබී තිබේ.

ලෝක යුද්ධයන් හා වෙනත් වසන්ගත තත්ත්වයන් වලදී මෙන්ම, ස්වාභාවික උපද්‍රව වලදී පවා ඉතා කෙටි කලකින් සිටියාටත් වඩා වැඩි ශක්තියකින් නැගී සිටින මෙම ලෝක බලවතුන්, දින ගනන් නොව මාස ගානින් තම රටවල් වසා දමමින් තම ධනේෂ්වර නිෂ්පාදන ක්‍රියාදාමයන් සම්පුර්ණයෙන් නතර කර දමා තිබේ, මුලු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්කරමින් පැය කීහිපයක් තුළ ලෝකයේ ඒක කොනක සිට තවත් කොනකට ගමන් කළ හැකි ලෙස ගොඩ නගා තිබු අති නවීන ප්‍රවාහන පද්ධතිය සම්පුර්ණයෙන් අකුලා දමා තම නිවසට සියලුම දෙනා කොටුකර තිබේ.

දැනට මෙම නූතන විප්ලවවාදියා විසින් මරා දමා ඇති විසිඅටදාහකට වැඩි මිනිසුන් ප්‍රමාණයෙන් විසිදාහක වැඩි මිනිසුන් ප්‍රමාණයක් බිලිගෙන තිබෙන්නේ ලෝකයේ ඉතා දියුණු යැයි සැලකූ ඇමරිකාව, ඒංගලන්තය, ඉතාලිය, ජර්මනිය, ස්පාඤ්ඥය වැනි ලෝකයේ පළවෙනි පන්තියේ රටවල් තුළිනි.

වරෙක, මොහු නිශ්පාදනය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදී ඇමරිකාවෙන් බවට ප්‍රචාරය වූ අතර, අද වන විට ඒම ප්‍රචාරය තරමක් අඩු වී ඇති අතර, මොහු සමාජවාදී චීනයේ දී නිශ්පාදනයක් බවත් පැවසේ.

මෙය කුමන කදවුරකින් නිශ්පාදයන් වූවාදැයි කියන්න තවම කල් මදි වුවත්, මෙම නූතන විප්ලවවාදියා නිශ්පාදනය කර ඇත්තේ, මෙම කදවුරු දෙකේම සිටි බලවතුන්ගේ නොමනා ක්‍රියා හේතුවෙන් බව නම් කිව යුතුය. පාරිසරික සමතුලිත තාවයන් තඹේකට මායිම් නොකරමින් ඉවක් බවක් නොමැතිව කරනු ලැබූ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.

මෙම නූතන විප්ලවවාදියා කොතරම් බලවත් වීද යත් නම්, අප්‍රිකානු රටවල දුප්පතුන් බිලිගත් ඉබෝලා, දකුනු ආසියානුවන් බිලිගත් සාර්ස් මෙන් නොව, ඉතා සුවිශේෂ ආරක්ෂාව යටතේ, අධි සෞඛය පහසුකම් යටතේ ජීවත් වන රාජිනියන්, කුමාරවරුන්ද, මැති ඇමතිවරුන් මෙන්ම, සියලු සැප සම්පත් පරිභෝජනය කරනු ලබන ධන කුවේරයන්ද, ඇතුලුව ලොව පලමු ස්ථානයේ වැජබෙන පුද්ගලයින් තව ගොදුරු බවට පත්කරමින් සිටී.

දිනක මෙම නූතන විප්ලවවාදියට අපද ගොදුර විය හැකි වුවත්, මෙතෙක් අප හමාගිය අපගේ නිර්ණායකයන් මෙන්ම, ඉලක්කයන් පිළිබදව නැවතී නිදහස්ව මනුෂ්‍ය සමාජයක් ලෙස කල්පනා කිරීමට මෙම නූතන විප්ලවවාදියා අපට සුළු කාලයක් ලබා දී තිබේ. මේ අප පසුකරමින් සිටින්නේ ඒම වටිනා කාලයයි.

-පිලිප් දිසානායක-

More Stories