මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයන් දෙදෙනකු ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග ඉල්ලිමට යෝජනා වුනා ඒ අනුව රණසිංහ මහතාට අත්සන් කරන්න කියා යැවුවම එයට ඉඩ දුන්නේ නැහැ පසු රෝෂාන් මහතාට අත්සන් කරන්න කිවාම එයටත් ඉඩ දුන්නේ නැහැ එම නිසා ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය රැක ගැනිමට වෙනම ඉල්ලන්න සිදු වුනා.

ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් දයාසිරි ජයසේකර මහතා මේ බව පවසන ලද්දේ  19වන දින ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයට තරග කරන ජනජිත්ද සිල්වා මහතාගේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ කාර්යාලය විවෘත කිරිමේ උත්සවය අමතමිනි.

මෙහිදි වැඩි දුරටත් කතා කල දයාසිරි ජයසේකර මහතා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂයන් කපා හැරියේ පොහොට්ටුවේ ඉහල ප්‍රබලයන් නොවෙයි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ අයයි මොකද ඒ අය දන්නවා අපේ අය ඉල්ලුවා නම් ඔවුන් පරදින බව අපේ අය මෙහිදි වෙනම ඉල්ලුවත් ශ්‍රිලංකා නිදහස් පක්ෂයෙන් ජය ගන්නා සියලුම මංත්‍රිවරුන්ගේ සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාටයි එම නිසා ශ්‍රිලංකා නිදහස් පක්ෂයට දෙන හැම ඡන්දයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කරන ඡන්දයක් බව පැහැදිලිව කිව යුතුයි.

පසු ගිය ජනාධිපතිවරනයේදි ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සමහර අය රාජපක්ෂ විරෝධය නිසා වෙනම ඉල්ලමු කියලා කිවා තවත් පිරිසක් සජිත්ට සහය දෙමු කිවා එත් රට ගැන හිතපු මධ්‍යස්ථ පිරිස ගෝඨාභයට සහය දෙමු කිවා එම තත්වයන් මත ගෝඨාභට රාජපක්ෂ මහතාට සහාය දුන්න නිසායි ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගත්තේ.

එදා සමහර අයට අවශ්‍ය වුනා යු.එන්.පි.යට කඩේ යන්න එත් අපි එසේ නොකර ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවිමට ලැබිම ගැන අපි අද සතුටු වෙනවා  මොකද රට තුල පැවති කොරෝනා තත්වය මත වෙනත් කෙනෙක් හිටියා නම් ඇමරිකාවට එහා තත්වයට ලංකාව පත් වෙනවා කොරෝනා අවස්ථාවේ රට වහන විටත් සමහර අය දොස් කිවා රට වහාගෙන මොනවාද කරන්නේ කියලා එත් මාසයක් දෙකක් යන විට ඔවුන්ටත් තේරුනා රට වහාපු එක හරි බව.

අද ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ සමහර පිරිස් ඉන්නවා එක කකුලක් ශ්‍රිලංකා එකේ අනික් කකුල පොහොට්ටුවේ තියාගෙන එමෙන්ම තවත් සමහර දෙනෙක් ඉන්නවා එක කකුලක් ශ්‍රිලංකා එකේ අනික් කකුල යු.එන්.පියේ එහෙම අය ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ තියා ගන්න බැහැ කකුල් දෙකම ශ්‍රිලංකා එකේ තියාගත යුතුයි එහෙම අයත් එක්ක මේ ශ්‍රිලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ නැගිමට අපි පියවර ගන්නවා.

දැන් මස්කෙළිය ආසනයටත් උගත් බුද්ධිමත් අයකු අපි පත්කර තියෙනවා ඉදිරියේදි ඔහු මේ ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්න පිලිබදව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරයි.

මෙහි උතුර හිටපු ආන්ඩුකාර සුරේෂ් රාගවන්, නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක ජනජිත්ද සිල්වා එක්සත් ජාතික පක්ෂයේ සිට ශ්‍රිලංකා නිදහස් පක්ෂයට එක්වු ඒ. ආතුන් යන මහත්වරුන්ද කතා කරන ලදි.

සර්ව ආගමික වැඩ සටහනක් යටතේ මෙම පක්ෂ කාර්යාලය විවෘත කල අතර මෙහිදි හැටන් හි ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයකු වන ඒ. ආතුන් මහතා ශ්‍රිලංකා නිදහස් පක්ෂයට එක්විමද මෙහිදි සිදුවිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories