මිනිස් ජීවිත ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත් බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ විදුර වික්‍රමනායක මහතා ප්‍රකාශ කරයි.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ කොරෝනා වසංගත තත්වය තවත් ව්‍යාප්ත වුවහොත් මහ මැතිවරණය කල් දැමිය යුතු බවය.

එහෙත් පොදුජන පෙරමුණේ අපේක්ෂයන්ගෙන් අති බහුතරය පවසන්නේ නියමිත දිනට මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එම සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වන ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසන්නේ හැකි නම් තැපැල් ජන්දය අවසන් වූ වහාම විශේෂ ගැසට් පත්‍රයක් මගින් මැතිවරණය මේ මස 25 වෙනිදාට පෙර පවත්වන ලෙසය.

අගෝස්තු 05 වනදා වන විට කොරෝනා වසංගත ව්‍යාප්තියේ වැඩිවීමක් මිස අඩු වීමක් සිදු නොවන බව ඔහු පෙන්වා දෙයි. මේ නිසා හැකි ඉක්මනින් මහ මැතිවරණය පැවැත්විය යුතු බව ශ්‍රීලනිප මහ ලේකම්වරයා වගකිව යුත්තන්ට යෝජනා කරයි.

More Stories