ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී පැරදුනහොත් තමන් දේශපාලනයෙන් සමුගෙන පුර්ණ කාලීනව රංගනයට යොමු වෙන බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා පවසයි.

එමෙන්ම අද දින මාධ්‍ය වල පළ වී තිබු ආකාරයට තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් නාම යෝජනා ලබා නොදුන්නහොත් තමන් ස්වාධීනව මැතිවරණයට ඉදිරිපත් වන බව ඒ මහතා පවසයි.

දිවුලපිටිය ආසන සංවිධායකව සිටියදි එහි සිදු වු පස් ජාවාරම සම්බන්ධයෙන් කථා කිරිමට ගිය අවස්ථාවේ තමන්ට එම ආසනයෙන් ඉවත් වීමට සිදු වු බවත් එය මීට ප්‍රධාන වී ඇති බවද සඳහන් කළේය.

නමුත් තමන් කෙදිනකවත් හොරකම් කර නොමැති බවත්, අල්ලස් ගෙන නොමැති බවත් සඳහන් කළ ඔහු පවසා සිටියේ ජනතාව වෙනුවෙන් ඇත්ත තිත්ත වුනත් කථා කළේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් නොවන බවද පැවසුවේය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (03) දින පුවත්පත් මණ්ඩලයේ පැවති නඩුවක් සඳහා පෙනීසිටිමට පැමිනි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.

ශානි පොල්ගම්පල

Similar Posts