sajith premadasa news sinhala

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම පැනවීමට තමන් පක්ෂපාතී යැයි සමඟි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔවුන්ට ඓරෙහිව නඩු විභාග කිරීම සාධාරණ විනිවිදභාවයෙන් යුත්තව සිදුකරන බව මහනුවර දී පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

තරණ පරපුර මෙන්ම පාසල් වියේ දරුවන් පවා අද මත්ද්‍රව්‍යවලට යොදා ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කරන බවත් මේ ආණ්ඩුව සිදුකරන්නේ ජාවාරම්කරුවන් ජීවිතාන්තය දක්වා සිරගත කොට එහිදී ඔවුන්ට ජාවාරම සිදුකිරීමට පහසුකම් සැලසීම යැයි ඒ මහතා කීවේය.

කුඩු සහ මත්ද්‍රව්‍යවලින් තොර සමාජයක් බිහිකිරීමට නම් සිංගප්පූරුව මත්ද්‍රව්‍ය පාලනය කළ ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. එහිදී නීතිය සාධාරණ වන අතර වරදකරුවන්ට කිසිදු සමාවක් හිමිවන්නේ නැහැ.

මෙරට කුඩු ප්‍රධානීන් බන්ධනාගාරයට වී එළියේ සිට කරනවාට වඩා හොදින් එම ව්‍යාපාරය කරනවා. ඒ නිසා සිංගප්පූරු ක්‍රමය අනුගමන කළ යුතුයි. එමෙන්ම දඩුවම් තීන්දු කරන අධිකරණ පද්ධතිය බලපෑම්වලින් තොර ස්වාධීන අපක්ෂපාතී නිර්ව්‍යාජ විය යුතු යැයි සජිත් ප්‍රේමදාස මහත වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories