තමන් මස්කෙළිය ආසන සංවිධායක ධුරය දරන තාක්කල් මේ මස්කෙළිය ආසනයේ ආගමික සමගිය,ජාතික සමගිය නැති නොකරන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා නිදහස් පක්ෂ අපේක්ෂක ජනජිත්ද සිල්වා මහතා පවසයි.

ජනජිත්ද සිල්වා මහතා මේ බව පවසන ලද්දේ මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයේ ශ්‍රිලංකා නිදහස් පක්ෂ මැතිවරණ කාර්යාලය හැටන්හිදි ආරම්භ කිරිමේ උත්සවයක් අමතමිනි.

එහිදි වැඩි දුරටත් කතා කල ජනජිත්ද සිල්වා මහතා මම කිසිම දිනක ජනතාවට බොරු පොරෝන්දු දෙන්නේ නැහැ බැංකු ලෝන් දෙනවා කියලා ෆෝම් දෙන්නේ නැහැ රැකියා දෙන්නම් කියලා බොරුවට ෆෝම් දෙන්නේ නැහැ එත් මම ඔබලාට එක පොරෝන්දුවක් ලබා දෙනවා ඒ තමයි මම සංවිධායක ලෙස ඉන්නකම් මේ ජනතාවට කකුල් දෙකින් හිට ගෙන මෙහි ජිවත් වෙන්න ක්‍රමයක් ක්‍රමයක් ඇති කරනවා.

මස්කෙළින නගරයේ රෝහලක් කියලා ගොඩනැගිල්ලක් තියෙනවා කිසිම පහසුකමක් නැහැ ලක්ෂපානේ රෝහලක් කියලා ගොඩනැගිල්ලක් තියෙනවා ගිනිගත්හේනෙත් රෝහලක් කියලා ගොඩනැගිල්ලක් තියෙනවා එත් මෙවායිත් කිසිම පහසුකමක් නැහැ මෙහි ජාතික පාසලක් නැහැ මෙහි හිටපු නායකයන් ජාතික පාසලක් ඇති කරන්න කටයුතු කලේ නැහැ මෙහි පලාත් සභාවේ හිටපු අයත් මෙහි ජාතික පාසලක් ඇති කරන්න දුන්නෙත් නැහැ මොකද ඒ අය කැමති වුනේ නැහැ පලාත් සභාවට අයත් පාසලක් ජාතික පාසලක් කරනවාට.

වතුවල සමහර පාරවල් කොන්ක්‍රිට් කලාට එවා ප්‍රධාන පාරවල් සමග සම්බන්ද කලේ නැහැ වතුවල දරුවන්ගේ අධ්‍යාපනය අතර මග නැවතිමටයි මෙහි හිටපු අය කටයුතු කලේ මොකද ඒ අය දන්නවා මේ වතු කරයේ දරුවන් වැඩි දුර ඉගෙන ගැනිමෙන් ඔවුන්ට අවාසිවන බව එම අයට අවශ්‍ය වුනේ මේ වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නවතා ඔවුන්ගේ ඡන්ද ටික අර ගෙන යන්නයි.

අපි ජිවත්වන මෙම ප්‍රදේශය අපි හැදුවේ නැතිනම් හදන්න කෙනෙක් නැහැ අපිට පොහොට්ටුව සමග කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට මෙහි තරග කරන්න සිදුවුනේ අපිට තරග කරන්න නොදිමයි මොකද ඔවුන් දන්නවා අපි ආවෝත් ඒඅයට වරදින බව අපිත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කරන්නයි යන්නේ ඔබලා අත ලකුණට ගහන හැම ඡන්දයක්ම ගෝඨාභය රාජපක්ෂ මහතා ශක්තිමත් කිරිමට ගහන ඡන්දයක්.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts