පොලොන්නරුව දිස්ත්‍රික්කය මෙවර මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රී ආසන 5න් 4ක් දිනා ගන්නා බවත් අනෙක් දිස්ත්‍රික්කවලටත් ආදර්ශයක් දෙමින් ඉතාම සාමකාමිමැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට තමන් ඇතුළු සියලු දෙනා ක්‍රියාකරන බවත් හිටපු මහවැලි රාජ්‍ය ඇමති රොෂාන් රණසිංහ මහතා  පොලොන්නරුවේ දී  පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක අමරකීර්ති අතුකෝරල මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පොලොන්නරුව නගරයේ දී විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ රොෂාන් රණසිංහ මහතා මෙසේ ද කීය.

“එක එක කණ්ඩායම්වල එක එක දේශපාලන ප්‍රතිපත්ති ,මත එක එක්කෙනා ළග තියෙනවා. ඒකට අපි ගරු කරනවා.හැබැයි රට වෙනුවෙන් මේ මතෘභූමිය රට වෙනුවෙන් නිදහස් කරගත්තු නායකයින් සමග එකට හිට ගන්න පුළුවන්,කොයි වේලේත් පරාජය එක්ක ඒ පැරදුනු ජනතාව එක්ක හිට ගන්න පුද්ගලයා තමයි ජයග්‍රහණයේ දී ඒ ජයග්‍රහණ ජනතාවට අත් කරලා දෙන්නේ.පොලොන්නරුවේ ජනතාව අලුත් ගමණක් ඉල්ලනවා

.පොලොන්නරුවේ ජනතාව අලුත් ගමණක් ඉල්ලුවේ 2018 පෙබරවාරි 10 දා .ඒ මතය අපි විග්‍රහ කරලා බැලුවා.පොලොන්නරුවේ ජනතාව එදා තමයි කීවේ පොලොන්නරුවට අලුත් ගමණක් අවශ්‍යයි කියලා.ඒ අලුත් ගමණ යන්න

අමරකීර්ති අතුකෝරල කියන්නේ දේශපාලනයේ කුහකයෙක් නෙමෙයි.හොරෙක් දූෂිතයෙක් සල්ලාලයෙක් නෙමෙයි ජනතාවට ආදරය කරන අවංක ,ජනතාවට වැඩ කරන්න පුළුවන් නායකයෙක්.දිස්ත්‍රික්කයේ නායකයා විදිහට ජනතාව වෙනුවෙන් මට හොදට වැඩ ගන්න පුළුවන් නායකයෙක්.

එතුමා 2020 පළවෙනි මහා මැතිවරණය ඒ ආරම්භය ජයග්ග්‍රහණය වෙනුවෙන් වූ වාසනාවන්ත ආරම්භයක්.දිස්ත්‍රික්ක විසිපහෙන් අවුරුදු 20ක් ම 23 වන තැන ට පත්වෙලා තියෙන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය අපි සියලු දෙනා එකට එකතු වෙලා ඉහළට අරගෙන තනි ඉලක්කමට ගෙනත් පොලොන්නරුවේ දරුවන්ට වග කිව යුතු අනාගතයක් හදන්න අපට වගකීමක් තියෙනවා.

ලෝකයේ දවැන්තයි කියන රටවල් අද දණින් වැටිලා මේ කොරෝනා වෛරසයෙන් බේර ගන්න බැරුව.නමුත් ගෝඨාභය රාජපක්ෂ අපේ ජනාධිපතිතුමන් දරුවෙක් බලාගන්නවා වගේ රට බලා ගත්තේ .

එවැනි නායකයෙක් සමග ඉදිරියේ වැඩ කරන්න තුනෙන් දෙකේ බලයක් අරගෙන ආර්ථික වශයෙන් නැගිට්ටවලා සියලු ජාතීන් සමග සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න පුළුවන් සාමකාමී වාතාවරණයක් ගේන්න සුදුසුම නායකයෝ දෙන්නා මේ මොහොතේ බලයට පත් වෙලා ඉන්නේ.

මේ රටට හිතකර අනපනත් ගේන්න  අහිතකර අනපනත් රටෙන් අයින් කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අරගෙන දෙන්න මේ රටේ ජනතාව සැදී පැහැදී ඉන්නවා.ඒකට අද ජාති ආගම් භේදයකින් තොරව ජනතාව සැදී පැහැදී ඉන්නව.පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 4ක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සැකසිලා ඉවරයි.ඒක අපට විශේෂයෙන් ම කියන්න පුළුවන්.

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඉතාම සාමකාමි මැතිවරණයක් වෙනුවෙන් මුලු රටටම ආදර්ශවත් මැතිවරණ ව්‍යාපාරයක් කරන දිස්ත්‍රික්කයක් කිරීමට අපි කැපවෙනවා.ඒ සදහා ඔබේ සහයෝගය දෙන්න යි ඉල්ලා සිටිනවා.”මෙහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක අමරකීර්ති අතුකොරල මහතා ද කතා කළේ ය.පින්තුරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊසා මුදියන්සේ – පොලොන්නරුව

More Stories