මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි රට එක්සේසත් කල ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අත්වන දැවන්ත පරාජය පිලිබද දැන ගත් සමගි බල වේගයේ මංගල සමරවිර ඇතුළු තිදෙනකු මේ වන විට තම මැතිවරණ සටනින් ඉවත්ව තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.

ඒ මහතාගේ හැටන්හි පිහිටි කාර්යාලයේදි මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු පෙරියසාමි ප්‍රදිපන් මහතා සමගි බල වේගයේ ප්‍රබල ක්‍රියාකාරියකු ලෙස කටයුතු කල මංගල සමරවීර මහතා මෙන්ම එම පක්ෂයේ ගාල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවල අපේක්ෂකයන් දෙදෙනකුද මේ වන විට අපේක්ෂකධුරවලින් ඉවත් වෙලා තියෙනවා.

මේ අය දන්නවා මෙවර පැවැත්වෙන මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි මේ අයට අත්වන අන්ත පරාජය පිලිබදව මොකද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්විම මත පවතින ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ වටා මේ වන මේ රටේ ජනතාව රොක්වෙලා ඉන්න බව මොවුන් දන්නවා.

මේ රට තුල පැවති කොරෝනා වසංගයෙන් මේ රටේ ජනතාව බේරාගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දුන්න නායකත්වය පිලිබදව මේ රටේ ජනතාව තුල පවතින්නේ දැඩි භක්තියත් එම නිසා මේ රටේ ඉතා සුලු පිරිසක් හැර බහුතරයක් සිටින්නේ මෙම නායකත්යව පිලිබදව පැහැදිමකින්.

එවන් තත්වයන් මත පසු ගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව ඡන්දය දුන් විශාල පිරිසක්ද මෙවර පාර්ලීමේන්තු මැතිවරණයේදි පොහොට්ටුවට ඡන්දය ලබා දෙනවා එම තත්වයන් පිලිබදව මනා වැටහිමක් මතයි මංගල සමරවීර මහතා ඇතුළු තිදෙනකු ඡන්ද සටනින් ඉවත්ව සිටින්නේ මේ අකාරයෙන් ඉදිරියේදි තවත් පිරිසක් ඉවත් වනවා.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

Similar Posts