දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා හා ‍එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර රහස් සාකච්ඡාවක් පවත්වා ඇති බව  ආරංචි මාර්ග සදහන් කරයි.

මෙහිදි දෙමළ දේශපාලන පක්ෂ ඉදිරිපත් කළ යෝජනාවලිය හා ජනාධිපතිවරණයට දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සාකච්ජා කොට ඇත.

දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරත්වය මෙම සතිය අගදි ප්‍රකාශ කිරීමට සුදානමක් පවතින බවද තවදුරටත් සදහන් වේ.

රාජ්‍ය ආයතන ලාභ ලබන තත්වයට – ගෝඨා

කඩුවෙල පැවති ජනරැළියකට එක් වෙමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම රාජ්‍ය ආයතන ලාභ ලබන ආයතන බවට පත්කරන බව  පවසයි.

රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත්කල යුතුයි. ඒ ආයතන විදේශීකයින්ට විකුණන්න බැහැ. එදා නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරිය රටට විශෘල සේවයක් කරන ආයතන බවට අපි පත්කළා. මේ ආයතන භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරනවා.

රට කණපිට හරවලා යළි ගොඩනැඟීම – අනුර

සැමට නීතිය එකලෙස ක්‍රියාත්මක වන රටක් නිර්මාණය කිරීමට තමන් සූදානම් බව බදුල්ලේ පැවති ජන රැලියකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බේදයකින් තොරව සියලු දෙනාට එක හා සමාන නීතියක් ඇති රටක් ගොඩ නැඟිය යුතු බවත් ධනය හා බලය විසින් නීතිය යටපත් කර ඇතැයි පැවසු ඒ මහතා, පොලීසියේ මහත්වරුන්ට තමන්ගේ වෘත්තියේ ගරුත්වය තබා ගෙන නීතිය ඉටු කළ හැකි පානයක් තමා මේ රටේ ස්ථාපිත කරන බවත් පවසන අතර රට කණපිට හරවලා යළි රට ගොඩනැඟීමට තමාට බලය දෙන ලෙසත් අනුර කුමාර මහතා ඉල්ලා සිටියි.

 

More Stories