එක්සත් ජාතික පක්ෂයට අදාළ මන්ත්‍රී ධුරය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා ගන්නා ලෙස එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ඔහුගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

පසුගියදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ සාකච්ඡාවක් සිදුකර තිබුණා.

එහිදී ඔවුන් සඳහන් කර ඇත්තේ පුරප්පාඩුව පවතින, එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් විය යුතු බවයි.

මෙම හමුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහලේකම් අකිල විරාජ් කාරියවසම්, නියෝජ්‍ය නායක හිටපු රුවන් විජේවර්ධන, ජාතික සංවිධායක, නවීන් දිසානායක ඇතුළු පිරිසක් එක්වු බවයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළේ.

නව පාර්ලිමේන්තුව රැස්වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වුවත් තවමත් එජාපය නියෝජනය කරමින් අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකු නම් කර නැහැ.

More Stories