පසුගිය ජනාධිපතිවරණයේදි ගොඨාභය රාජපක්ෂ මහතා පොරෝන්දුවු විදියටම වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි විම ඉදිරියේදි ලබා දිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් ශ්‍රිලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක හා ලංකා කම්කරු කොංග්‍රස් භාන්ඩාගාරික එම්. රමෙෂ්වරන් මහතා පවසයි.

රමේෂවරන් මහතාගේ මඩකුබුර නිවසේදි 11වන දින පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු රමෙෂ්වරන් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

පසුගිය ආන්ඩුවේ සමහර අය පැවසුවා වතු කම්කරුවන්ට රුපියල් දහසේ වැටුප් වැඩි කිරිමට අපි විරුද්ධයි කියලා එහෙම කියපු සමහර අය දැන් කියනවා වතු කම්කරුවන්ට රුපියල් දහාසේ වැටුප් වැඩි කිරිම දුන්නේ නැත්තේ එක්සත් ජාතික පක්ෂය කියලා.

දිවංගත ආරුමුගන් තොණ්ඩමන් මහතා කියු පරිදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ආන්ඩුව යටතේ ඉදිරියේදි වතු කම්කරුවන්ට රුපියල් දාහේ වැටු වැඩි කිරිම අපි ලබා දෙනවා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස සිටින විටත් වතු කම්කරුවන් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කලා.

එක්සත් ජාතික පක්ෂය කලේ ඉංදියානු රජයෙන් ලබා දිපු නිවාස ක්‍රම විතරයි ඒ අය වෙන මොකුත් කලේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ හා මහින්ද රාජපක්ෂ අගමැති තුමන් යටතේ ඉදිරියේදි තුනෙන් දෙකක බලයක් සමග වන ආන්ඩුවක් පිහිටුවිමට අපි කටයුතු කරනවා.

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයද විශාල වශයෙන් අපි ජය ගන්නවා ඒ අනුව ඉදිරියේදි මේ නුවරඑළිය දිස්ත්‍රික්කය තුල අපි විශාල වැඩ කොටසක් ඉටු කිරිමට පියවර ගන්නවා.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories