සිරිකොතේ සිටින්නේ ලෝක හොරු ටිකක් බවත් එහි මහ හොරා රනිල් වික්‍රමසිංහ බවත් සමගි  ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් අපේක්ෂක චන්ද්‍රසිරි සූරි ආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  මැදිරිගිරිය ආසන බලමණ්ඩලය කැදවූ අවස්ථාවේ ‍රැස්ව සිටි පාක්ෂිකයන් අමතමිණි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ චන්ද්‍රසිරි සූරි ආරච්චි මාහතා මෙසේ ද කීය.

“හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ගැනත් යමක් කියන්න ඕන.එතුමා මගේ මිත්‍රයා තමයි .එතුමා මගේ නිවසට ඇවිල්ලා දින සීයට මාව අමාරුවේ දැම්මා.

ඇල්පෙනෙත්තක උදව්වක් දුන්නෙ නෑ.සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමාත් දින සීයේ වැඩසටහනෙන් අමාරුවේ දැම්මා.මේ ඔක්කොම අමාරුවේ දැම්මෙ එතුමා තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් තේරී පත් වෙලා.

තමුන්නාන්සේලාගේ ඡන්දයෙන් තමයි ජනාධිපති වුණේ.හැබැයි යූ.එන්.පී.කාරයන් එක්ක පුදුම තරහයි.දැන් යනවා ගෙවල් ගාණේ.

ජනාධිපති කාලේ ගියේ නෑ.දැන් හැම ගමකම යනවා.ඇයි මේ ජනාධිපතිලා ගෙවල් ගානේ යන්නේ.මොකද එහෙන් රොෂාන් මන්ත්‍රීතුමා ගහනවා තියාගෙන.සිරිපාල ගමලත් මැතිතුමා වෙනම යනවා.පොහොට්‍ටුවේ පුදුම සටනක් තියෙන්නේ.හැබැයි අපේ එහෙම නෑ.දිස්ත්‍රික්කයේ නායකයා හැටියට සිඩ්නි ජයරත්න මන්ත්‍රීතුමා ඉන්නවා.අපි කණ්ඩායමම එකයි.

එකට වැඩ කරන්නේ.පහුගිය දවසක කෙනෙක් කියනවා සිරිකොතේ හොරු නෑලු.මම කියනවා මේ ලංකාවේ නෙමෙයි ලෝක හොරු ටික ඉන්නේ සිරිකොතේ කියලා.

ඒකේ මහ හොරා රනිල් වික්‍රමසිංහයි.පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් අපි මේ මැතිවරණයෙන් සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 03ක් මෙවර තේරී පත් වෙනවා ඒක ස්තිරයි.”

ඊෂා මුදියන්සේ -පොලොන්නරුව

More Stories