අද වන විට වතු කම්කරු ජනතාවට රුපියල් දාහේ වැටුප් ප්‍රශ්නය නොව ප්‍රශ්න දාහක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ස්වාධින අංක 01 කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.

තලවාකැලේ පිහිටි ඒ මහත්මියගේ නිවසේදි 21වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

අද මැතිවරණ වේදිකාවල කතා කරන බොහෝ දේශපාලයන් වතු කම්කරුවන් සදහා දෛනික වැටුප රුපියල් දාහාක් එක්දාහාස් පන්සියයක් දෙන බවට විවිධ ප්‍රකාශ කරනවා එත් අද වතු කම්කරුවන්ට තියෙන්නේ මෙම වැටුප් ප්‍රශ්නයම නොවෙයි ඔවුන් මේ වන විට ප්‍රශ්න දාහාකට මැදි වෙලායි ඉන්නේ.

වතු කරය ගත් විට එහි සේවය කරන්නේ වතු කර ජනතාවගෙන් සියයට හතලිහක් හෝ පනහක් එත් මේ වතු කරය තුල පවතින සෞඛ්‍ය ප්‍රශ්න, අධ්‍යාපන ප්‍රශ්න, මාර්ග ප්‍රශ්න රැකියා ප්‍රශ්න මෙන්ම ආර්ථින ප්‍රශ්ණ මේ වතු කරයේ ජිවත් වන හැම දෙනාටම පවතිනවා.

වතු කරයේ ජිවත් වන අයට නිසි ලෙස වැසිකිලි පහසුකම් හෝ නැහැ මට හුගක් කාන්තාවන් කියන දෙයක් තමයි තේවතුවල වැඩ කරන විට වැසිකිලි පහසුකතම් නොමැතිවිම විශාල ප්‍රශ්නයක් බව එමෙන්ම වතුවල සේවය කරන ගැබිනි මවුවරුන්ට මෙන්ම කුඩා දරුවන් සිටින මවුවරුන්ට නිසි පෝෂනයක් නොමැතිවිමෙන් වතු කරයේ දරුවන්ට මන්ද පෝෂනයන් ඇතිව තිබෙනවා.

අද සමහර දේශපාලකයන් කියනවා මම වතු කරයට අච්චර ගෙවල් හැදුවා මෙච්චර ගෙවල් හැදුවා කියලා එත් මම කියන්න කැමතියි වතු කම්කරුවන් සදහා වතු කරයේ ගෙවල් හැදිම ආරම්භ කලේ දිවංගත මාගේ පියා වන පි. චන්ද්‍රෙස්කරන් මහතා කියලා.

1994 වර්ෂයෙන් පසුවයි මෙම වතු නිවාස යෝජනා ක්‍රමය එවකට පැවති රජයේ අනුග්‍රහාය මත මාගේ දිවංගත පියා විසින් ආම්භකලේ එම නිසා අද ඔය ගෙවල් හැදුවා ගෙවල් හැදුවා කියන අයත් මේ ගෙවල් හැදුවේ පවතින රජයේ හා ඉංදියාවේ ආධාර මත මිස ඒ අයගේ බුදලයෙන් නොවෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories