unp

එජාප මේවර මහමැතිවරණයේ දී අන්ත පරාජයට පත්වුයේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිසා බවත්,එතුමා ජනතාව පිළිගත්තේ නෑ.එජා පාක්ෂිකයන්,රනිල් වික්‍රමසිංම මහතා ප්‍රතිශේප කළා මිස එජාප ප්‍රතිප්‍රේප කළේ නෑ.පක්ෂය ජයගන්නට නම් කරු ජයසුරිය මහතාට හෝ පක්ෂයේ නායකත්වත්ය සජිත් ප්‍රේමදාස මහතා හෝ ලබාගන්නේ නම් පක්ෂය ජය මාවතට ගෙන ආ හැකි බව,හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක. හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ලයනල් ඉපලවත්ත මහතා පවසයි.

හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක. හබරාදුව ප්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක,2020 ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මහ මැතිවරණ අපේකෂක  ලයනල් ඉපලවත්ත මහතා වැඩිදුරටත් ඊයේ  (25) හබරාදුව ප්‍රා දේශිය සභාවේ දී  අදහස් දක්විමන් මෙසේ ද කීය.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ දි එජාප අන්ත පරාජය වන්නනට ප්‍රධානතම හේතුව වන්නේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත්, මේ නායකයා ජනතාව පිළිගත්තේ නෑ.නායක තුමා හොඳයි.නමුත්,ජනතාව  රනිල් පිළිගත්තේ නෑ.මේ තුමා තවදුරටත් නායකත්වයේ සිටියොත් එජාප විනාශ වී යනවා. ඒ නිසා රනිල් විකුමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතුයි.ඒ සඳහා කරු ජයසුරිය මහතා ට නායකත්වය දියුතුයි.

නැතිනම් තරුණ නව නායකයෙක්ට පක්ෂයේ නායකත්වය දිය යුතුව තිබෙනවා. ජාතික සමගි ජන පෙරමුනේ නායක සජිත් ප්‍රේමදාස මහතා උනත් අප පක්ෂයට එජාප ඇවිත් නායකත්වය සමාජිකත්වය ගෙන කටයුතු කරන්නේ නම් එතුමාටද අප සහයෝගය ලබා දෙනවා. එජාප නායකයා ඉවත් වෙනවා නම් පමණයි එජාප සුරක්ෂිත වන්නේ යැයි මම පවසන්නට කැමැතියි.පක්ෂය ජය ගත හැකි වෙනවා.නව නායකයෙක් උවමනා කරනවා. මෛත්‍රි පාලනය ද මෙයට වගකිවයුතු වෙනවා.එජාප නායකයාට ජනතාව කැමැති නෑ.රනිල්ට ලංකාවේ එජාප කැමැති නෑ නොවෙයි. කැමැතිම නෑ.මම මහ මැතිවරණයට ඉදිරිපත් උනා පරාජය උනා.ඉදිරි පළාත් සභාවටද ඉදිරිපත් වන්නේ එජාපයෙන් බව කියන්න කැමැතියි.

නව නායකයෙක් එජාප උවමනායි. මෛත්‍රිපාල යහපාලන තුළ එජාප විනාෂ උනා අවුරුදු හතර මාරක් ආණ්ඩු බලය ගෙන සමහර ඇමතිවරු උම්මත්තකයන් ලෙස කටයුතු කළා.එජාපාක්ෂිකයන්ට සැලකුවේ නෑ.එජාප සමාජිකයන් විශාල පිරිසක් ජන්දය භාවිතා කළේ නෑ. භාවිතා කළ අයත් ජන්දය කූටු ගෑවා.

සජිත් ප්‍රේමදාස මහතා දක්ෂ නායකයෙක් .මේවර මහ මැතිවරණයේ දී ඒ තුමා ඒ බව රටටම ජනතාවටම ඔප්පු කර තිබෙනවා. එතුමා ප්‍රායෝගික දේශපාලඥයෙක් වශයෙන් .සජිත් එනවා නම් අපිසජිත් එක්ක උනත් ඉදිරිපත්ව එජාප ජයමාවත සකස්කර ගන්නවා.එජාප වැටුනේ නෑ වට්ටන්නත් බෑ.

ලයනල් ඉපලවත්ත ප්‍රතිපත්ති ගරුක එජාප සාමාජිකයෙක්.මම පක්ෂයේ අත්තේ ඉත්තේ නොවෙයි. දේශපාලනයේ පක්ෂයේ අරටුවේ සිටින අයෙක්.මම ඉදිරියටත් එජාප හැර යන්නේ නෑ. ඉදිරි පළාත් සභා ජන්දයට ද මම හබරාදුවෙන් ගාල්ල දිස්ත්‍රික්යෙන් එජා පක්ෂයෙන් තරඟ කරනවා. පක්ෂය ජයග්‍රහණය කරනවා.

මෙම අවස්ථාවට හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති (ශ්‍රි ලංකා පොදුජණ පෙරමුණ ) දිල්ෂාන් විදානගමගේ මහතාගේ  ප්‍රධානත්වයෙන් සභාව හබරාදුව සභා ශ්‍රවණාගාරයේ දී ඊයේ (25) මෙම සභාව  පැවැත්විණි.

More Stories