baba

කොරෝනා සමයේ රටවල් වසා දැමීම නිසා සියළුම රටවල ආර්ථිකය කඩා වැටුණා.අද බලවත් ආර්ථිකයක් තියන බ්‍රසීලය කියන රටේ මිනිස්සු දිනකට එක් වේලායි කන්නේ.දරුණු වසංගත තත්වයක් පැමිණිය හොත් ජනාධිපතිතුමන් ඉදිරියේදි රට වසාදැමීම සිදුකරයි.අවුරුදු පහක් රට කාපු පැත්තේ හිටපු ප්‍රේමදාස විපක්ෂ නායකතුමා දැන් මොනවත් නොදන්න බබා වගේ කථා කරනවා යැයි ඉඩම් කැබිනට් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසුවේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් දිගින් දිගටම රජය අසාර්ථක බව පැවසීමට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අනුරාධපුර කුරුන්දකුලමේ පිහිටි සිය නිවසේ පැවත්වු මාධ්‍ය හමුවකදි මේ බව අනාවරණය කළේය.එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඉඩම් අමාත්‍යවරයා.

ලෝකයේ රටවල් රැසක් කොවිඩ් තර්ජනය නිසා පසුගිය සමයේ රටවල් ලොක් ඩවුන් කරා.ඒ හේතුවෙන් ලෝක බලවතුන් රැසකගේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටුනා.බ්‍රසීලය කියන්නේ ලෝකයේ බලවත් ධනවත් රාජ්‍යක් අද වෙනකොට ඒ රටේ ජනතාව කන්නේ එක වේලයි.නමුත් අපි තාමත් කොහොම හරි තුන්වේල කාලා ජීවත් වෙනවා.

ජනාධිපතිතුමා නුවනින් වැඩ කරන්නේ සර් ෆෙල් සර් ෆෙල් කියලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා ඇතුළු පිරිසක් කෑගහනවා.සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා කෑගහන්නේ රටේ මිනිස්සු වෙනුවෙන් නෙමෙයි එතුමාගේ පැවත්ම වෙනුවෙන්.එදා තිබ්බා රනිල් මෛත්‍රීපාල රජය අද තිබ්බ නම් මේරට කොරෝනා බිය විතරක් නෙමෙයි ආර්ථිකය කඩා වැටිමේ බිය බෝම්බ බිය ඇතුළු බියවල් වලින් ජනතාවට ජීවත් වෙන්න වෙන්නේ.

නමුත් අද රට සුරක්ෂිතයි.අපි අතිනුත් සුළු වැරද්දක් වුනා.ඒ තමයි අප්‍රේල් උත්සවය සමයේදි ජනතාවට අවශ්‍ය පරිදි කටයුතු කරන්න දීපු ඒක.ජනතාවත් සෞඛ්‍ය අංශ කියපු කිසිම දෙයක් අහන්නැතුව වැඩ කළේ.

රටේ ජනතාවට අවස්ථාව දුන්නෙත් පසුගිය 2019 රනිල් මෛත්‍රී පාලන සමයේ සහරන් බෝම්බ ප්‍රහාරය නිසා මිනිස්සුන්ට අළුත් අවුරුද්ද සමරන්න බැරිවුනා.2020 වසරේ කොරෝනා වසංගතය නිසා අළුත් අවුරුද්ද සමරන්න වුණේ නෑ රටේ ජනතාවට.ඒ නිසා බුද්ධිමත්ව අවුරුද්ද සමරන්න අවස්ථාවක් රජය මගින් ලබාදුන්නා.

මේ වෛරසය හැදිලා තියෙන්නෙත් හිතුවක්කාරම මිනිස්සුන්ට.සෞඛ්‍ය අංශ කියපු කිසිම දෙයක් අහපු නැති මිනිස්සුන්ට.ගම්බද පළාත් වල ගොවින් කුඹුරු කරේ නැද්ද?වෙන වගාවන් කළේ නැද්ද?නගරයට ආවේ ගියේ නැද්ද?ඒ සියල්ලම කරා.නමුත් හිතුවක්කාර වුණේ නෑ.අපි දැක්කා පහුගිය දවස් වල බාර්වල තිබ්බ පෝලිම පොරකාපු හැටි.ඒවට වග කියන්න ඕන රජයද?

පසුගිය 2015ඉදන් විස්ස වෙනකම් රටේ ආර්ථිකය විනාශ කරපු බෝම්බ පත්තු කරන්න තරම් රාජ්‍ය ආරක්ෂාව බිංදුවට දැම්ම.මහ බැංකුව සුද්දකරපු රටේ සංවර්ධනයට කිසිම දෙයක් නොකරපු ආණ්ඩුවේ හිටපු සජිත් ප්‍රේමදාස මහත්තයා අද සර් ෆේල් සර් ෆේල් කිය කිය පිස්සු කියනවා.සජිත් ප්‍රේමදාස මහත්තයා දැන් බබා.රටේ සංවර්ධනය නැවත ආරම්භවෙලා ඒකටයුතු වෙනවා.රට වහන්න අවශ්‍ය වුනොත් ජනාධිපතිතුමා ඒ අවශ්‍ය කටයුතු කරයි යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

Similar Posts