මෙවර  පාර්ලිමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය තුල මැතිවරණ නිති දැඩි ලෙස උල්ලංගනය වන බවත් මේ පිලිබදව කිසිවකුත් සොයා නොබලන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක පෙරියසාමි ප්‍රදිපන් මහතා පවසයි.

හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු ප්‍රදිපන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරය ගත් විට මෙහි මැතිවරණ නිති දැඩි ලෙස උල්ලංගනය වෙනවා සමහර අපේක්ෂයන් ඡන්ද මංකොල්ල කෑමකටයි සුදානම් වන්නේ.

මෙම දිස්ත්‍රික්කයේ වතු කරය නියෝජනය කරන සමහර අපෙක්ෂකයන් වතු කම්කරුවන්ට අරක්කු ලබා දෙනවා සිමෙන්ති ලබා දෙනවා සෙවිලි තහඩු ලබා දෙනවා එපමනක් නොවෙයි මුදල් පවා දෙනවා.

එම තත්වයන් මත සමන්‍ය අපේක්ෂයන්ට මැතිවරණ ව්‍යාපාරය නිසි ලෙස කර ගෙන යන්න ක්‍රමයක් නැහැ මොකද මේ මුදල් තියෙන අය තම මුදල් බලයෙන් කටයුතු කරන නිසා අනික් අපේක්ෂකයන්ට මැතිවරණ කටයුතු කර ගෙන යාමේදි විවිධ බලපැම් සිදු කරනවා.

එමෙන්ම සමහර අපේක්ෂකයන් මුදල් අරක්කු ලබා දි සෞඛ්‍ය උපදෙස්වලට පයින් ගසමින් රැස්විම් ආදිය සදහා වතු තුලට විවිධ පිරිස් එක් කර ගන්නවා මේ අය මුඛ ආවරණ නිසි ලෙස පලදින්නේ නැහැ දැන් කොරෝනා ගැන අවදානයක් නැහැ මැතිවරණය ගැනයි අවදානය තියෙන්නේ මෙම තත්වයන් මත වතු කරයේ ජනතාවගේ සෞඛ්‍යටද විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක්ද පවතිනවා.

මෙම තත්වයන් පිලිබදව සෞඛ්‍ය අංශවලත් අවදානය යොමු කල යුතුයි එසේ නැති වුනොත් මෙම ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍යට මෙන්ම ජිවිතවලටද දැඩි තර්ජනයක් ඇති වෙන්න පුලුවන්.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories