ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු පිළිබද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ වන විට ජිනීවා බලා ගොස් ඇති ඇති අතර,  හෙට (26) ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 43 වැනි සැසිවාරය සඳහා සහභාගි වීමට නියමිතව ඇතැයි වාර්තා වේ. ඒහි දී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාව  30/1 සහ 40/1 යෝජනාවලියට සම අනුග්‍රාහකත්වය ලබාදීමෙන් ඉවත් වීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් නිළ වශයෙන් දැනුම් දීමට නියමිතය.

දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර මේ සම්බන්ධව සන්ඩේ ටයිම්ස් පුවත්පතට කියා තිබුනේ ලංකාව ඉවත්වන්නේ ඇමෙරිකානු යෝජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් පමණක් බවත්, මෙය කිසිදු අයුරකින් ඒක්සත් ජාතීන් සමග හෝ ජගත් මානව හිමිකම් කවුන්සිලය සමග හෝ ඒක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් අනුබද්ධ ආයතනයන්  සමග වැඩ කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන බවට වදරවා වටහා ගැනීමක් නොකළ යුතු බවට ප්‍රකාශ කර තිබුනි.

මෙම යෝජනාවලියෙන් ඉවත්වීම සදහා වර්තමාන රජය ඉදිරිපත්කරනු ලබන තර්කය වී ඇත්තේ මේ යෝජාවලියට සම අනුග්‍රාහකත්වය ලබා දීම හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තනි කැමැත්ත අනුව සිදුව ඇති දෙයක් බවටත්, ඒ් සදහා කැබිනට් මණ්ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබී නොමැති බවත්ය.

මේ සම්බන්ධව රජයේ හිටපු ප්‍රධානීන් අදහස් දැක්විය යුතුය.  නමුත්, මෙම යෝජනාවලියේ සදහා බොහෝ කරැණු විශේෂයෙන් අතුරැදහන්වුවන් පිළිබදව සොයා බැලීමේ කාර්යාලය හා වන්දි කාර්යාලය පිහිටු වීම, අතුරැදහන්කරවීම අපරාධ වරදක් බවට පත්කිරීම ඇතුලු මේ සම්බන්ධ නව නීති ගණනාවක් පසුගිය රජයේ  කැබිනට් මණ්ඩලයේ හා පාර්ලිමේන්තුවේ විශාල වශයෙන් වාද විවාදයන්ට භාජනය වී පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වූ ශ්‍රී ලංකා නීතියේ කොටස් බවට වර්තමානයේ පත්ව තිබේ. මින් ඉවත්වන්නේ නම් මෙම යෝජනා හරහා සම්මත වූ නව නීති නැවත අකුලා ගැනීමට රජය පියවර ගන්නේ ද?

ඒමෙන්ම, මෙම ක්‍රියාවලියෙන් යම් රටකට ඉවත් වීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සදහා යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත්කර ඒ් සදහා අන් රටවල සමාජිකයන්ගේ සහාය ලබා ගෙන ඒය යෝජනාව ජයග්‍රහණය කිරීම සදහා කටයුතු කළ යුතුය. ඒසේ නොමැතිව අන් රටවල සහායක් නොමැතිව කඩි මුඩියේ මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් රජය පරාජය වීම අනිවාර්යෙන් සිදු විය හැක. ඒසේ නම් හෙට කල හැක්කේ මෙම යෝජනාවලියට මින් ඉදිරියට සම අනුග්‍රහය නොදක්වන බවට නිල වශයෙන් ප්‍රකාශයක් සිදුකර මෙම ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීම පමණි.

නමුත්, ශ්‍රී ලංකා රජය වෙත දිගින් දිගටම ඒල්ල වූ විවිධාරයේ චෝදනාවන් සදහා පිළිතුරැ ලබා දීමත්, ශ්‍රී ලංකාව තුළ සමාය හා සංහිදියාව ගොඩනැගීම සදහා සංක්‍රාන්ති යුක්තිය ඇති කිරීමේ ක්‍රියාවලියක් ලෙස මෙම යෝජනා ඉදිරිපත් වී ඇති බැවින් ඉන් ඉවත්වන්නේ නම් ඒල්ල වී ඇති චෝදනාවන් සදහා මෙන්ම, සාමය හා සංහිදියාව ගොඩනැගීම සදහා පිළිගත හැකි වෙනත් ක්‍රියාවලියක් රජය විසින් යෝජනා කළ යුතුය. ඒසේ කිරීමට අපොහොසත් වන්නේ නම් නැවතත් අප රට යම් අවධානම් කලාපයකට යොමු වන අතර, ඒමගින් වාර්තමානයේ හිමිව ඇති ජීඇස්පී සහනය ඇතුලු වෙනත් වෙලද සහනයන් අපට නැවතත් නොලැබී යා හැකි අතර, ජාත්‍යන්තර වශයෙන් විවිධාකාරයේ පීඩනයන්ට මුහුණ දෙන තත්ත්වයක් නැවත නිර්මාණය වීමට ඉන් ඉ‌ඩ පෑදෙනු ඇත.

Similar Posts