වත්මන් රජය විසින් 19වන සංශෝධනය ඉවත් කර යෝජිත 20වන සංශෝධනය ගෙන ඒමෙන් ඉදිරියේදි විවිධ ගැටලු නිරිමාණය විමේ අවස්ථාවන් පවතින බව ශ්‍රි ලංකා සාම මණ්ඩලයේ ව්‍යාපෘති කළමණාකාර සමන් සෙනවිරත්න මහතා පවසයි.

සංස්කෘතික හා පාරිසරික සංසදයේ නුවරඑළිය දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව මගින් දික්ඔය නගර ශාලාවේදි පවත්වන ලද මාධ්‍ය හමුවකදි සමන් සෙනවිරත්න මහතා 14වන දින මේ බව පවසන ලදි.

මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු සමන් සෙනවිරත්න මහතා පසුගිය රජය මගින් 19වන සංශෝධනය ගෙන ආවේ එම පාර්ලීමේන්තුවේ විශාල පිරිසකගේ කැමැත්ත මතයි එදා එයට එක් අයෙක් විරුද්ධ වුන අතර තවත් දස දෙනකු පමන පාර්ලීමේන්තුවට පැමිනියේ නැහැ එදා එසේ සම්මත කල එම සංශෝධනයට එදා කැමැත්ත දුන් පිරිසක්ම අද එයට විරුද්ධ වෙලා තියෙනවා.

19වන සංශෝධනය තුලින් පත් කරන ලද ව්‍යවස්ථා දායක සභාව තමයි පොලිස් කොමිසම, අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම, පොලිස්පති, නිතිපති,අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වැනි අය පත් කලේ එම තත්වයන් මත එම ව්‍යවස්ථාදායක සභාව සැහිමකට පත් නොවන පුද්ගලයන් පත් කරන්න ජනාධිපතිටවත් බැහැ එත් 20 තුලින් ජනාධිපතිට පුලුවන් තම අභිමතය පරිදි ඕනැම අයකු පත් කරන්න.

ව්‍යවස්ථාදායක සභාව වෙනුවට 20 තුලින් 5දෙනකුගෙන් සමන්විත පාර්ලීමේන්තු සභාවක් පත් කිරිමට යෝජනාවි තිබෙනවා එයින් තිදෙනකු ජනපති, අගමැති, හා කතානායක නියෝජිතයන් එවිට එහි තුනෙන් දෙකේ බලය රජය සතු වෙනවා එමෙන්ම පොලිස්පති, නිතිපති, අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන්, අල්ලස් කොමිසමේ සභාපති පත් කිරිමේ නිසේද බලයත් ජනාධිපතිට හිමි වෙනවා.

අපි දන්නවා 19 තුලින් පත්වු මැතිවරණ කොමිසම පසු ගිය කාලයේ කටයුතු කල අකාරය ඔවුන් ජනාධිපතිට, අගමැතිට හිස නැමුවේ නැහැ ස්වාධිනව කටයුතු කලා එමෙන්ම නිතිපති ඔහුගේ මතය ස්වාධිනව ඉදිරිපත් කලා එත්20 තුලින් එය සිදුවන්නේ නැති බවයි පෙනි යන්නේ.

20 තුලින් සිදුවන අනික් බරපතල කරුන තමයි ද්ත්ව පුරවැසියන්ට පාර්ලීමේන්තුවට ඒමට අවස්ථාව ලැබිම අපි දන්නවා එල්. ටි. ටි. ඊ. හිතවාදි සමහර දෙනා විවිධ රටවල පුරවැසිභාවය ලබා ගෙන සිටින බව මේ අයට ලංකාවේත් පුරවැසිභාවය තිබෙනවා එම තත්වයන් මත එවැනි අයටත් පාර්ලීමේන්තුවට එමේ අවස්ථාවන් හිමි වෙනවා එය බයානක තත්වයක් වෙන්නත් පුලුවන්.

එම නිසා යම් ද්ත්ව පුරවැසිභාවය පවතින අයකුට පාර්ලීමේන්තුවට ඒමට අවශ්‍ය නම් ජනාධිපතිතුමා වගේ එම රටේ පුවැසිභාවය ඉවත් කර ගෙන එන්න පුලුවන් අනික් කරුන තමයි සිමාවකින් තොරව ඇමති මණ්ඩලය පත් කිරිම.

19 යටතේ ඇමති මණ්ලය කැබිනට් ඇමතිධුර 30ක් සමග සෙසු ඇමතිධුර 40කට සිමා වුනා එත් 20 තුලින් එයට සිමාවක් නැහැ එත් අපි හිතන්නේ නැහැ දුෂනයට නාස්තියට විරුද්ධ  කටයුතු කරන වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ඇමතිධුර වැඩි කරයි කියලා එත් මේ තුලින් අවශ්‍ය නම් පාර්ලීමේන්තුවේ 225ටම ඇමති කම් දෙන්නත් පුලුවන්.

අද රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ පාස්කු ප්‍රහාරය කොවිඩ් වසංගය වැනි දේවල් සමග ආර්ථිකයට සිදුව ඇති හානි අපි දකිනවා මෙයින් ගොඩ ඒමට අපි සියලුම දෙනා දැඩි කැප කිරිමක්ද කල යුතුයි ඒ වගේම තමයි මේ 20වන සංශෝධනය තුලින් ලැබෙන ප්‍රතිපාදන ජනතා සුභසිද්ධියට රටේ යහපතට භාවිතා කලොත් එය අපේ රටට හොදක් වෙන්නත් පුලුවන් එත් මෙය කොයි අකාරයෙන් භාවිතා වෙයිද කියන්න බැරි තත්වයක් පවතින්නේ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories