අගෝස්තු මස 05වන දින පැවැත්විමට නියමිත 2020 පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්රික්කයෙන් ඡන්දදායකයන් පන් ලක්ෂ හැත්තහත් දාහාස් හත්සිය දාහත් දෙනකු (577,717) සුදුසුකම් ලබා ඇති බව නුවරඑළිය දිස්ත්රික් මැතිවරණ ලේකම් කාර්යාලයේ නිලධාරියකු පවසන ලදි.
මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නුවරඑළිය දිස්ත්රික්යේ නුවරඑළිය මස්කෙළිය මැතිවරණ බල ප්රදේශය තුල ඡන්ද තුන් ලක්ෂ තිස් දාහාස් හත්සිය හැට එකක්ද (330,761), කොත්මලේ ඡන්ද බල ප්රදේශය තුල ඡන්ද අසුහතර දාහාස් එකසිය හැත්තපහාක්ද (84,175), හගුරන්කේත ඡන්ද බල ප්රදේශය තුල ඡන්ද හැත්තපන් දාහාස් දෙසිය හැත්ත අටක් (75,278, වලපනේ ඡන්ද බල ප්රදේශය තුල ඡන්ද අසු හත් දාහාස් පන්සියතුනක්ද (87,503) වශයෙන්ද පවතින බවත්ය.
2019 වර්යේ පැවති ජනාධිපතිවරණයට වඩා මෙවර පාර්ලීමේන්තු මැතිවරණය සදහා අලුතින් ඡන්දදායකයන් අටදාහාස් හය සිය අසු නව දෙනකු (8689) ලියා පදිංචිව ඇති බවද ඔහු තව දුරටත් පවසන ලදි.
හැටන් – මනුර සුදත් සෙල්ලහේවා