සහල් සඳහා උපරිම මිල ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදන යටතේ පාරිභෝගිකයින්ට සහල් මිලදී ගැනීමට හැකිවන්නේ ඉදිරි කන්නයේ වී අස්වැන්න ලැබෙන විට දී බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිටුපස අභිනවයෙන් ඉදි වෙමින් පවතින එළවළු සහ පලතුරු කල්තබා ගැනීම, සහ උෂ්ණත්ව පාලන  ගබඩා සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට  පැමිණී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගෙන් මාධ්‍ය කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරත් පැවසූයේ පසුගිය රජයන්, මෙන් ඉන්දියාවෙන් පොන්නි සහල් ගෙන්වා රුපියල් 85 ක මිලකට රට පුරා බෙදා හැරීමට හැකියාව ඇතත් තම රජය එවැන්නක් සිදු නොකරන බවයි. එමෙන්ම වත්මන් රජය ගොවියාගේ පැත්තේ සිටගන්නා බවද ඉදිරියේදී වී අස්වැන්න ලැබෙන විට සහල් මිල සාමාන්‍ය අතට පත් වෙද්දී මෙම ප්‍රශ්නයට විසඳුම් ලැබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය

සහල් මාෆියාවක් ඇති බව කියමින් වත්මන් ආණ්ඩුව පසුගිය කාලයේ සහල් මිල පාලනයට ගැසට් නිවේදන 04ක් නිකුත් කළේය.

More Stories