පාසල් ආරම්භ කිරිමට රජය කටයුතු සූදානම්කල විට ඇතැම් අධ්‍යාපන වෘත්තීය සංගම් නියෝජිතයින් සම්ප්‍රදායික දේශපාලනඥයින්ගේ අසමච්ජාති වැඩපිළිවල ඉදිරියටගෙන ඇතැයි කාන්තා , ළමා සංවර්ධන පෙර පාසල්, ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපනසේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා  බේරුවල හිරිගල්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී කීවේය.

ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 3157 ක් වැයකර නාගහදූව සිට පඹේ දක්වා මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරිම ආරම්භකරමින් පැවති උත්සවයේදි පියල් නිශාන්ත මහතා මේ අදහස් ප්‍රකාශකළේය.

අධ්‍යාපනයට සම්භන්ධ විවිධ වෘත්තීය සංගම් දැන් කෑගහන්න පටන්ගෙන තිබෙනවා. පාසල් පටන් ගන්න දින වකවානු අනුව කල් මදි කියල කෑගහනවා. පාසල් වහල තියෙන කොට කෑ ගහනව පාසල් වහල දරුවන්ට අධ්‍යාපනයක් නෑ කියල.

ලොක් ඩවුන් කල රටවලත් අධ්‍යාපනයට ප්‍රමුඛතාවයදිල කටයුතු කරනවා කියනවා. කොරෝනා පාලනය කරල සෞඛ්‍ය නිර්නායක අනුව පාසල් ආරම්භ කරන්න තීරණය කලාම ඒක විවේචනය කරන, ඒකට බණින. වෘත්තීය සංගම් සහ දේශපාලනඥයින් දැන් ඉදිරියට ඇවිත් තියෙනවා.

අපි දන්න විදිහට නම් රටක් ලෙස දියුණුවීමට හොද ආකල්ප ඇතිකරගත යුතුයි.මේ ආකල්පමය වෙනස දරුවන්තුළ පමණක් නෙමෙයි දෙමාපියන් සහ වැඩිහිටියන් තුළත් ඇතිකර ගතයුතුයි. දරුවන් තුළ ඇතැම් වෙලාවට හොද ආකල්පමය වෙනසක් ඇතිවුණත් අපේ ඇතැම් වැඩිහිටියන්තුළ තියෙන්නෙ කුහක ආකල්පයි. මේ දේශපාලන වෘත්තීය සමිති ඉටුකරන්නෙ අන්න එම කුහක දේශපාලන කොන්ත්‍රාත්තුවයි. අපි ඒ ගැන කණගාටුවෙනවා. මේ රටේ දරුවන්ට විපතක්, හානියක් .

අවැඩක් වෙනවාට අපි අබල් රේණුවක තරම්හෝ ඉඩක් තියන්නෙ නෑ.කොරෝනා අවදානම මැද ඒ දරුවන් දිගින් දිගටම ගෙදර තියලඹවුන්ගෙ අනාගතය අදුරු කරන්නබෑ. අවදානම අවමකරල, දැඩිලෙස විමසිලිමත්ව, දැඩිසෞඛ්‍ය නීති අනුගමනය කරමින් පාසල් ආරම්භකරන්න කටයුතු කලා. ඇතැම් කුහක දේශපාලනඥයින්, සහ ඔවුන්ගේ කොන්ත්‍රාත් ඉටුකරන ඇතැම් වෘත්තීය සමිති දරුවන්ගෙ අනාගතය අදුරුවෙනව දකින්න බලාගන ඉන්නවා. නමුත් කිසි ලෙසකින්වත් අප එයට ඉඩ තියන්නෙ නැහැ.

රටේ ජනතාව පිළිගත්, අති බහුතර ජනතා මතයක් තියෙන ජනාධිපතිවරයෙක්, ඉතිහාසයේ ශක්තිමත්ම පාර්ලිමේන්තුවක් සමග ප්‍රාදේශීය සභා බලයත් තියෙන අපට පේල් කියල සජිත් ප්‍රේමදාස මහත්තය ඇතුළු විපක්ෂය කියනවා. ජනතාව පේල් කල විපක්ෂය නන්දොඩවන්න පටන්ගෙන තියෙනවා.

පේල් කවුද කියල ජනතාව දන්නවා. ජනතාව පේල් කරපු අය පාර්ලිමේන්තුවට රිංගල දැං උතුර – දකුණ හොයාගන්න බැරුව ආණ්ඩුව පේල් කියනවා.

ආණ්ඩුව නෙමෙයි ඔය කියන විපක්ෂයෙත්, ඒ දේශපාලනඥයින්ගෙ සමස්ත දේශපාලනයම පේල් බව එයාලම හොදින් දන්නවා. අටයි දශම තුනක් වු මේ රටේ ආර්ථිකය දෙකයි දශම තුනකට කඩා වට්ටල දැම්මෙ ඔය කියන යහපාලනයට මුක්කුගහල.

යහපාලන ආණ්ඩුකල උදවියයි.ආර්ථිකය කඩා වට්ටපු, පාස්කු ප්‍රහාරය වලක්වා ගන්න බැරිවූ දේශපාලන නඩය දැන් මේ ආණ්ඩුව පේල් කියනවා. ඔය පේල් කියන අයගේ ඉතිහාසය ගත්තම එයාල මුළුමණින්ම පේල්, දේශපාලනයෙනුත්පේල් . දැං එයාල නන්නත්තාරවෙලා, කුජීතවෙලා ඉවරයි. මේගොල්ලන්ගෙ දේශපාලනය මේරටේ ජනතාව ප්‍රතික්ෂේප කළා.

ආණ්ඩුව පේල් වෙනතුරු බලාගන ඉන්න අය තව දුරටත් සාම්ප්‍රදායික දේශපාලනය කරන්න හිතාගන හිටියොත් එයාලගෙ දේශපාලනයත් සමගම එයාලව කුණු කූඩෙට වැටෙන දවස වැඩි ඈතක නෙමෙයි.මෙහෙම ගියොත් ඊළග මැතිවරණය එනකොට විපක්ෂයකුත් හොයාගන්න බැරිවෙයි.

අය වැය පටන් ගන්න කොටම සජිත් ප්‍රේමදාස මහත්තය කිව්වෙ අපෙන් කවුරුවත් අය වැයට පක්ෂ වෙන්නෙ නැ කියලයි. නමුත් පළමු ඡන්දවිමසීමෙදිම සජිත්ගෙ ඇස් අඩ ඉන්දිලා ගිහිල්ල ඒ පැත්තෙ හිටිය අය අපට පක්ෂව ඡන්දය දුන්නා.

අය වැය අවසන් දවස වෙන කොට විපක්ෂයේ තව බාගයක් අපේ ආණ්ඩුව නියෝජනය කරනවා. එදාට විපක්ෂය කියල ඉතුරුවෙන්නෙ සජිත්ප්‍රේමදාසයි, ලක්ෂ්මන් කිරි ඇල්ලයි, තව දෙතුන්දෙනෙක් විතරයි.

ආණ්ඩුව නිවැරදි වැඩ පිළිවලක් ගෙන යන නිසා ඒ අය ආණ්ඩුවට සහායදෙන ඒක නතර කරන්න සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමාටබෑ. විපක්ෂනායකතුමා දැනටමත් පේල්. ඉදිරියෙදිත් පේල්.

මේ රට ගොඩනගන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජක්ෂ සුසංයෝගයට පමණක් බව රටේ ජනතාව තේරුම්ගෙන අවසානයි.

ඡායාරූප විස්තර – සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories