මත්ස්‍ය කර්මාන්තය සම්බන්ධ දුර්මත දුරු කිරීමට යයි පවසමින් පෙරේදා මාධ්‍ය හමුවක් පවත්වා අමු මාළුවෙකු අනුභව කළ දිලිප් වෙදආරච්චි විපක්ෂ මන්ත්‍රීවරයාගේ සංසිද්ධිය මේ වනවිට ලෝකයේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගණනාවක කථාබහට ලක්වන සිදුවීමක් බවට පත්ව ඇත.

මෙම පුවත විදෙස් මාධ්‍ය වෙත යොමු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ රොයිටර් පුවත් සේවයේ වාර්තාකරු පළ කළ පුවත ඔස්සේය.

රොයිටර් මෙම පුවත වාර්තා කරන ලද්දේ Oddly Enough එනම් අසාමාන්‍ය සංසිද්ධි වාර්තා කරන තීරුවක් යටතේය.

මෙම පුවතෙහි හිටපු ඇමතිවරයෙකු අමු මාළු අනුභව කළ බව දක්වා ඇති අතරම ලංකාවේ ඇතැම් ඇමතිවරුන් මීට කලකට පෙර පොල් ගස් නැග එම කර්මාන්තයේ ගැටලු ගැන කථා කළ බවද දක්වා තිබුණි.

මේ අතර වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ඊයේ පැවසුවේ අමු මාළු කෑම සෞඛ්‍යයට අහිතකර බවයි.

More Stories