වසර තිහකට ඉහතදි එක්සත් ජාතික පක්ෂය ගෙනාපු  පළාත් සභා ක්‍රමය පසුගිය සමයේ ක්‍රමන්ත්‍රණකාරි ලෙස හැංගුවා පහුගිය යහපාලන ආණ්ඩුව මේකට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි.

උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා ක්‍රමය අක්‍රිය කරලා වසර තුනකට වැඩි කාලයක් ගෙවිලා ගිහිල්ලා යනුවෙන් උතුරු මැද හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සමරකෝන් මහතා පැවසුවේය.

උතුරු මැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන්ගෙන් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) සැදුම්ලත් පළාත් සභා සංසදය අනුරාධපුර පිහිටි හිටපු ප්‍රධාන අමාත්‍යවරයගේ සම්බන්ධිකරණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසුවේය.

එහිදි වැඩිදුරටත් කථා කළ හිටපු පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා.ගිය ආණ්ඩුව කුමන්ත්‍රණය කරලා පළාත් සභා අකර්මණ්‍ය කරා.සමානුපාතික ඡන්ද ක්‍රමයක් තිබ්බ තැනට කොට්ඨාශ ක්‍රමයක් ගෙනල්ලා මුළු රටම අවුල්කරා.අද අහිංසක මිනිස්සුන්ට වැඩක් කරගන්න විදියක් නෑ.සමහර රජයේ නිලධාරින් වැඩ කරනවා.

බහුතරයක් වැඩ කරන්නේ නෑ.අපේම අමාත්‍යවරයෙක් වැරදි සහගත විදියට පසුගියදා පළාත් සභා ක්‍රමය සුදු අලියෙක් බව කිවුවත් කිසිදු බලයක් නැති අපි ළගට හැමදාම මිනිස්සු ඇවිල්ලා කියනවා අරක කරලා දෙන්න ඇමතිතුමා මේ වැඩේ කරලා දෙන්න කියලා.

එතුමා කිවුවේ අපේ මතයවත් පක්ෂයේ මතයවත් නෙමෙයි එතුමාගේ පෞද්ගලික මතය ඒ නිසා ප්‍රශ්නයක් නෑ.පළාත් සභාව නැවත ඇති කිරීම සම්බන්ධයෙන් ජනතාව ලොකු අවශ්‍යතාවක ඉන්නේ.මැතිවරණයක් තියලා බලන්න ජනතාව දෙන උත්තරය එක්ක ප්‍රතිඵලය මොනවගේද කියලා.

පසුගිය සමයේ නියගය තිබ්බා ගොවිජනතාවට නිසි විදියට සහන ලැබුණද?කොරෝනා ප්‍රශ්නය සමග ජනතාව විශාල ගැටළු වලට මුහුණ දෙනවා.නමුත් පළාත් සභා ක්‍රමය තිබ්බ නම් ඒ ගැටළු හුගක් අඩුවෙනවා.නිකමට හරි සුළිකුණාටුව රට තුලට ආවනම් නම් ජනතාවට විශාල ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙන්න ඉඩ තිබ්බා.

කොරෝනා වසංගතය මැද්දේ අපි මේ මැතිවරණ තියන්න කියනවවත් අපේ බලය අතට ගන්න දගලනවවත් කියලා හිතන්න එපා.ලබන වසරේ පෙබරවාරි මාර්තු වෙද්දි මේ වසංගත ප්‍රශ්න විසදිලා අපිට මැතිවරණය තියන්න පුළුවන් වෙයි.මේ ප්‍රශ්න වලින් පස්සේ මැතිවරණය තැබීම සුදුසුයි කියන මතයයි අපි දරන්නේ.

මේවනවිට අපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් සමග මේ ප්‍රශ්න කථා කරලා තියෙන්නේ.

මේ ගැටළු සම්බන්ධ කෙටුම්පතක් ගෙනල්ලා එය ඉදිරියේදි පාර්ළිමේන්තුවට ඉදිරිපත් කරනවා.පාර්ලිමේන්තුව ක්‍රියාත්මකයි ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මකයි නමුත් මැද තියන පළාත් සභාව අක්‍රියයි.ඒ නිසා ප්‍රාදේශිය සභාවල කටයුතුත් හරියට සිද්ධවෙන්නේ නෑ.

මේ පළාත් සභා ක්‍රමය සම්බන්ධයෙන් රටේ කිසිම ප්‍රශ්නයක් නෑ.නමුත් ප්‍රශ්න ඇති කරේ විග්නේෂ්වරන් මහත්තයලා.

එයාල ඉඩම් බලතල වෙනම පොලිස් බලතල ඉල්ලලා ප්‍රශ්න ඇති කරා.නමුත් අපි රටේ ජනතාව වෙනුවෙන් වැඩකරා.2015 වසරේ බලයට ආපු අය රටම අගාධයට දැම්මා.අපි තනතුරු බදාගෙන හිටියේ නෑ.ඒවා අත ඇරලා දාලා ජන අරගලයට ගිහිල්ලා 2/3 බලයක් අරගෙන අපේ ජනාධිපතිවරයෙක් සමග ආණ්ඩුවක් හැදුවා.

වසර තුනයි මාස තුනක් කල් ගියපු උතුරු මැද පළාත් සභාව ඇතුළු සබරගමුව නැගෙනහිර පළාත් සභාවන් හා සෙසු පළාත් සභාවල මැතිවරණය පවත්වන්න කියලා අපි ඉල්ලා සිටිනවා.පළාත් සභා නැවත බලයට පැමිණිමෙන් අකර්මණ්‍යවෙලා තියන රටේ කටයුතු සියල්ල නැවත අරඹන්න පුළුවන් යනුවෙන් ඒ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර් සිරිපාල සුසිල් ගුණරත්න කල්‍යාණවති කරලියද්ද උපාලි විජේකෝන් ජී.ජී චන්ද්‍රෙස්න ඒ.ආර් හුසේන් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories