politics

අපි කොච්චර මල් පහන් පූජා කරත් වැරදි වැඩ කරොත් අපිට හෙණ ගහයි.දේශපාලනයට ඇවිල්ලා අපි අයතා විදියට මුදල් හම්බකරන්න හොද නෑ.උඩ ඉන්න දෙවියෝ ඒවා බලාගෙන ඉන්නේ යැයි මිහින්තලය ප්‍රාදේශිය සභාවේ ජේෂ්ඨ මන්ත්‍රී උපාලි ආනන්ද මහතා ඊයේ (16දා)පැවති සභා සැසිවාරයේදි පැවසීමත් සමග මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඊට විරෝධය පාමින් අසුන්වලින් නැගිට සභා ගර්භයෙන් පිටවි ගියහ.

මාස නමයකට පමණ පසුව මිහින්තලය සභාව ඇමතු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට විරෝධය පාමින් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අසුන්වලින් නැගිට සභා ගර්භයෙන් පිටව ගියහ.

මිහින්තලය ප්‍රාදේශිය සභාවේ සභාපති ලාල් සෙනවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සැසිවාරය (16දා) පැවත්වුණි. එහිදි වැඩිදුරටත් සභාව ඇමතු මන්ත්‍රීවරයා මේවනවිට ඉඩම් සම්බන්ධයෙන් ඇතිවෙලා තියන ප්‍රශ්න නිසා අපි සියළුම දෙනා අපකීර්තියට පත්වෙනවා.

අදත් න්‍යාය පත්‍රයට පිටින් මන්ත්‍රීවරයෙක් මිහින්තලය නගරයේ කඩ හදන්න කථාවක් දාලා.මම මේ යෝජනවා හොදින් කියවලා බලලා තමයි ඊට උත්තර දෙන්නේ.මේවට ආවට ගියාට උත්තර දෙන්න බෑ.

මිනිස්සු අපිට කතිරය ගහලා මෙතන්ට ගෙනාවේ ඔවුන්ගේ ප්‍රශ්න ගැටළු වලට විසදුමක් ගන්න මිසක් අපිට අයතා විදියට මුදල් හම්බකර ගන්න නෙමෙයි.මම නම් බයනැතුව කියනවා කිසිම විදියකින් අයතා විදියට මම මුදල් උපයලා නෑ.

එහෙම උපය ගන්න දූෂිතයන්ට හෙණ ගහයි.උඩ කෙනෙක් ඉන්නවා.උන්වහන්සේ මේවා බලාගෙන ඉන්නේ කියලා අපේ විශ්වාසයක් තියනවා.අපි පිටට පේන්න මල්පහන් පත්තු කරලා හිටියට වැඩක් නෑ.

අපේ ඇතුල පිරිසිදු නැත්නම්.මම ගෙවල් දොරවල් හදලා යාන වාහන අරගෙන හේන් කුඹුරු අස්වද්දන මනුස්සයෙක්.විශ්‍රාම වැටුප තියන රස්සාවත් දාලා දේශපාලනයට ආවේ හොරකම් කරන්න නෙමෙයි ජනතාවට සේවයක් කරන්න.

සභාපතිතුමා මුල අමතක කරන්න හොද නෑ.මේ සභාවේ පළමු අයවැය ජයග්‍රහණය කරන්න අවශ්‍ය කටයුතු කරේ මම.මම ඇත්ත කථා කරපු නිසා මට සභාවෙන් පොලු පාරක් ලැබුණා.නමුත් මම තාමත් ජීවත් වෙන්නේ මම හරිවිදියට වැඩ කරන නිසා.

සභාපතිතුමාට පේනවද මගේ කථාව පටිගත කරන නිලධාරියා ගැලරියේ ඉදන් මගේ පස්ස පැත්ත පටිගත කරන්නේ.(සභාපතිවරයා කමක් නෑ කථාව පටිගත වෙනවනේ) සභාපතිතුමා මම කථා කරන්නේ පස්ස පැත්තෙන් නෙමෙයි කටින්.

ඒ නිසා ඒ නිලධාරියට කියන්න මගේ කථාව ඉස්සරහා පැත්තෙන් පටිගත කරන්න කියලා.දැන් සභාව හුගක් දුර ගිහිල්ලා ඉවරයි දැන් අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ.කරපු වැරදි ගොඩක් තියනවා. (සභාපතිවරයා-අපි වැරදි හදාගෙන ඉදිරියට යමු)

දැන් වැරදි හදාගන්න කාලයක් නෑ.යකඩ මල්ලට ගුල්ලෝ ගැහුව නම් හාල් මල්ල නොබලාම විසිකරපන් කියලා කථාවක් තියනවා කියලා ඔබතුමා දන්නවනේ නේද?මම කථා කරේ සත්‍ය.අපිට මේ තැනට එන්න ජනතාව කතිර ගහලා ඔවුන් ආපහු හේන කුමුරට ගිහිල්ලා දුක්විදිනවා යනුවෙන් මන්ත්‍රීවරයා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories