එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩුනත් එයින් එක්සත් ජාතික පක්ෂයට විශාල හානියක් නොව බවත් එක්සත් ජාතික පාක්ෂකයන් සිටින තෙක් එක්සත් ජාතික පක්ෂයට හානි කිරිමට කිසිවකුටත් නොහැකි බවත් නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක වි. පුත්‍රසිගාමනි මහතා පවසයි.
කොටගල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු පුත්‍ර සිගාමනි මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
අද සිදුවෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මංත්‍රිවරුන් පිරිසක් පක්ෂයෙන් යාම පමනයි එසේ නැතිව මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනත් පක්ෂයකට ගිහින් නැහැ මෙම පිරිස ගියෙත් පක්ෂයේ විවිධ තනතුරු නොලැබිමේ හා රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබුන පුද්ගලික ප්‍රශ්න මතයි.
අපිට මතකයි මෙයට පෙරත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් ලෙස හිටපු ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජි. එම්. ප්‍රේමචන්ද්‍ර වැනි අයත් එක්සත් ජාතික පක්ෂයෙන් ගිහින් රාජඅලියා හැදුවා එත් මොකද වුනේ එම නිසා මේ සමගි ජන බලවේගයටත් වෙන්නේ එයමයි.
අද සමගි ජන බල වේගයට පාටක් හොයා ගන්න බැරිම එක්සත් ජාතික පක්ෂයේ කොල පාට ගන්න හදනවා මේ කොල පාට එක්සත් ජාතික පක්ෂයේ නිල පාටයි එකයි එක්සත් ජාතික පාක්ෂිකයන් කියන්නේ අපේ පාට කොල අපි නැහැ කලබල කියලා.
අපි මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැතිවරණ ව්‍යාපාරය කරන විට අපිට දැක ගන්න පුලුවන් දෙයක් තමයි එක්සත් ජාතික පාක්ෂිකයන් අපි වටා එක්වන අකාරය වතු කරයේ මෙන්ම ගම්මානවලත් නාගරික ප්‍රදේශවලත් පාක්ෂිකයන් අපි සමග එකතු වෙනවා මේ රටේ සංවර්ධනයට විශාල සේවයක් කලේ එක්සත් ජාතික පක්ෂයයි.
එම නිසා මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජය ගෙන මංත්‍රිධුර පහක් ලබා ගන්නා අතර ලංකාවෙන්ම වැඩිම මංත්‍රිධුර ප්‍රමාණයක් ලබා ගෙන මේ රටේ පාලන බලය එක්සත් ජාතික පක්ෂය විසින් ස්ථිරවම ලබා ගන්නවා.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්