SRI LANKA-POLITICS-VOTE

” සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම විපක්ෂයේ ඉඳගන ආණ්ඩුව එකතුකරවන විශ්වාසභංගයක් ගෙනවිත් තිබෙනවා.”යයි, අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පසුගිය දා කථානායකවරයාට ලබාදුන් විශ්වාසභංග යෝජනාව පිළිබද අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙින්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කීවේය.

“ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු මුළු මහත් ආණ්ඩුව කෙරෙහිම ජනතා විශ්වාසය භංගවෙලා රටෙි සමස්ථ ජනතාවම පාරට බැහැල ආණ්ඩුවට එරෙහි විරෝධය දක්වන වෙලාවක උදය ගම්මන්පිල වගේ කෙනෙකුට එරෙහිව මේ විධිහට විශ්වාස භංගයක් ඉදිරිපත්කරල ඒක පරාජය කලාම තෙල් මිළ වැඩි කළත් තුනෙන්දෙකෙන් විශ්වාසභංගය පරාජය කලා කියල ආණ්ඩුව කියනවා.ඒ නිසා සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කණ්ඩායම මේ උත්සාහ කරන්නෙ ආණ්ඩුව එකතු කරල ශක්තිමත් කිරිමටයි.

විශ්වාසභංගයක් ගේනව නම් ආණ්ඩුවටම එරෙහි විශ්වාසභංගයක් ඉදිරිපත් කලයුතුයි. තෙල් මිළ වැඩිකල ජිවන වියදම් කමටුවෙ සභාපති මහින්ද රාජපක්ෂ මහතායි.නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂමෙිකට ඇතුලත්නොකරන්නෙ ඇයි.ඒ අය නැතිව ගම්මන්පිල අල්ල ගත්තම ගම්මන්පිලත් ගෙඩ යනව,ආණ්ඩුවත් ගොඩ යනව. හැබැයි තෙල් මිල නැගලම තියෙනවා.

තෙල් මිළ වැඩවිම හරහා “ප්ලේන්ටි”යේ ඉඳල හැම දේම ඉහළ යනවා.ජනතාවට දරාගන්න බැරි අධික ජීවන බරක් ආණ්ඩුව ජනතාව මත පටවලා තියෙනවා.ආණ්ඩුවෙ පක්ෂ අතර බොරුගැටුමක් රඟපාල ජනතා විරෝධය යටපත් කරන්න කටයුතු කලා.ආණ්ඩුවෙ නාඩගම් නතර කරල ජනතාවට ජීවත්වෙන්න සහන දෙන්න, ගොවියට පෝර ටික දෙන්න කියල ජනතාව රටෙි හතර පැත්තෙන්ම පාරට බැහැල ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පටන්ගෙන තියෙනවා.

රටේ සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටිල තියෙනවා. නමුත් ජනාධිපතිවරයගෙ දරුවෙ, මුණුපුරාල, ඇමරිකාවෙ පුපිරි ජීවිත ගත කරනවා.ජනාධිපති වරයා අසමත් බව නැවත නැවතත් ප්‍රදර්ශනය කර තිබෙනවා.එතුමා අනුගමනයපකරන “සිස්ටම්” එකත් අසමත් බව තහවුරු කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ගෙදරටම මහින්ද රාජපක්ෂ මහත්තය ගිහිල්ල පාර්ලිමෙින්තුවට එන්න කියල ආරාධනා කරලයි රනිල් වික්‍රමසිංහ මහත්තය මෙිසැරේ පාරිලිමෙින්තුවට ඇවිත් තියෙන්නෙ.රාජපක්ෂ මහත්තයලගෙන් ගිලිහෙන ජාත්‍යන්තර ප්‍රසාදය ලබා ගන්න උත්සාහ කරනව. මෙි ආර්ථික ප්‍රශ්න වලට විසදුම් වික්‍රමසිංහ මහත්තයගෙ පැත්තෙන් දෙන්න උත්සාහ කරයි. රනිල් වික්‍රමසිංහ මහතාගේ යළි පාර්ලිමෙින්තු ආගමනය කියල කියන්නෙ විපක්ෂයට කෙසේ වෙතත් ආණ්ඩුවට නම් වාසිදායක තත්වයක් වෙනවා. දැන් මෙි රටේ තියෙන්නෙ එතුමට සතුටු වෙන්න පුළුවන් පාලනක්මතමයි.

එතුම නතර කරපු තැන ඉදල ඊටත් වඩා හොඳට ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඒ ප්‍රතිපත්ති අරගන යනවා.රට විකිණිම රනිල්ට වඩා ඉදිරියට ගෙනයනවා.ජීවන බර වැඩ කිරිම හොදට කරගන යනවා.ඉන්දායාවට චීනයට,අමෙරිකාවට ගැතිවීම රනිල්ට වඩා හොඳට කරගන යනවා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහතාට දැං ඇවිල්ලා විපක්ෂයේ ඉදගන ආණ්ඩුව තමන්ගෙදේවල් තමන්ට වඩා හොදට කරගන යනවා කියල සතුටුවෙන්න පුළුවන් තත්වයක් උදා වෙලා තියෙනවා.

එස්. පොද්දෙණිය – මීගහතැන්න

More Stories