පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න මහතා නියෝජනය කරන එක්සත් වාමාංශික පෙරමුණේ සහාය ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබා දීමටත්, දෙවැනි මනාපය ගෝඪාභය රාජපක්ෂ පරාජය කළ හැකි ප‍්‍රභලම අපේක්ෂකයාට ලබා දීමට එම පක්ෂය තීරණය කර ඇති බවත් මුලින් වාර්තා විය.

නමුත් එම තීරණයට එම පක්ෂයේ බහුජන නියෝජිතයින්ගේ විරෝධය එල්ල වී ඇති අතර, මේ අවස්ථාවේ එවන් අවදානමක් ගැනීම සියදිවි හානිකර ගැනීමක් හා සමාන බවට බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ. මේ සම්බන්ධව දිගින් දිගටම පැවති සාකච්ඡුාවලින් පසුව ගෝඪාභය පරාජය කිරීම සදහා හැකියාව ඇති ප‍්‍රභලම අපේක්ෂකයා වන සජිත් පේ‍්‍රමදාස මහතාට සහාය පල කිරීමට එම පක්ෂයේ බහුතර කණ්ඩායමක් තීරණය කර ඇති අතර, ඒ බව නිළ වශයෙන් දැන්වීම සදහා සජිත් පේ‍්‍රමදාස මහතා ද සහභාගීවන පක්ෂ සම්මේලනයක් ලබන 28 වන දා කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමටත් සැලසුම්කර තිබේ.

More Stories