ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හාස්‍යයට කරුණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.
ඔහු සදහන් කරන්නේ තමන් ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවයි.
ඊයේ (19) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර පවසයි.
තවද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ද ඉවත් කර ඇති අතර පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම හා දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ලිපිය අද (20) දිනයේ ඔහු වෙත යොමු කිරීමට පියවර ගත් බව පක්ෂ මහලේකම්වරයා පැවසුවේය.