මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව මන්ත්‍රීධුර හයක් ලබා ගන්නා බව ශ්‍රිලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක කනපති කනගරාජ් මහතා පවසයි.
ඒ මහතාගේ නිවසේදි මාධ්‍ය වෙත මේ බව පැවසු කනපති කනගරාජ් මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
අදවන විට එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා එමෙන්ම පසු ගිය වසර හතර හමාරක කාලයක් තුල හිටපු රජය වතු කම්කරුවන්ට කරපු දෙයක් නැහැ වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන බව පැවසුවෙත් පසු ගිය මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයයි.
එත් අවුරුදු හතරහමාරක් ගිහිල්ලත් ඔවුන්ට එය කර දෙන්න බැරි වුනා රුපියල් දහාසේ වැටුප තියා රුපියල් පනහක් වැඩි කරන්නත් ඒඅයට බැරිවුනා එම රජයේ හිටපු ඇමතිවරුන් දැන් නැවතත් කියනවා මෙවර බලයට ඇවිත් වැටුප් වැඩි කරන්නම් කියලා ඔවුන් හිතාගෙන ඉන්නේ මේ වතු කම්කරුවන් මෝඩයන් කියලායි එත් මෙවර මේ වතු කම්කරුවන් රවටන්න මේ අයට බැහැ.
වතු කරයේ ජනතාවට දැන් ගෝඨාභය රාජපක්ෂ මහතා පිලිබදව දැඩි විස්වාසයක් පවතිනවා මොකද වතු කරයේ උපාධිධාරින්ට රැකියා ලබා දිමට ඔහු සැලසුම් කර තියෙනවා එමෙන්ම පසු ගිය කොරෝනා වසංග කාලයේ වතු කම්කරුවන්ටත් රුපියල් 5000/= දිමනාව ලබා දිමට පියවර ගත්තා එමෙන්ම වතු කරයේ ජනතාව දන්නවා ඔවුන්ට යම් සේවයක් කලේ ලංකා කම්කරු කොංග්‍රසය බව.
එම නිසා මෙවර ලංකා කම්කරු කොංග්රසයද පොදු ජන පෙරමුන සමග මැතිවරණයට ඉදිරිපත්ව සිටින බැවින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පොදු ජන පෙරමුණේ පොහෝට්ටුවට විශාල ඡන්ද සංඛයාවක් ලැබෙනවා.
එසේ ලැබෙන විශාල ඡන්ද ප්‍රමාණයත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රීධුර අටෙන් මන්ත්‍රීධුර හයක් පොහොට්ටුවට ලැබෙන බව ස්ථිරයි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්