unp

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගෙන එම තනතුරට කථානායක කරු ජයසුරිය මහතා පත් කරන ලෙස ඉල්ලා සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරය විසින් විශේෂ නිවේදයක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යවා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රගමනය වෙනුවෙන් කෙරෙන විශේෂ නිවේදයක් ලෙසින් සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ මකුරුප්පේ රතනපාල රතනපාල , මාතලේ ධම්මකුසල , මුගුණවටුන සිද්ධත්ත , තන්තිරිමලේ චන්ද්‍රරතන , මාන්කඩවල පියරතන යන නායක හිමිවරුන් විසින් මෙම විශේෂ නිවේදනය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත යොමු කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ හෙට දවස කොයිබටද? යන්න ගැටලුවක් වී ඇති බවත් මේ හේතුවෙන් පාක්ෂිකයා අන්දමන්ද තත්ත්වයකට පත්ව ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.

මේ පිලිබඳ අල්පමාත්‍රයක අවධානයක් පක්ෂයේ වගකිව යුතු අයට නැති බවක් නිරික්ෂණය වන බවද දරාගත නොහැකි පරාජයෙන් උමතුව එකිනෙකා වෙත ඇඟිල්ල දිගු නොකර එළැඹෙන මහමැතිවරණයට මුහුණ දිමේ ශක්තිය ඔවුන් අපෙක්ෂා කරන බවත් එම නිවේදනයෙන් කියා සිටියි.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලගැන්වීම නිසා අප ලබා ඇති ප්‍රජාතන්ත්‍රවාද සැනසීම අහිමි වන තැනට නොගොස් රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් සමුගන්වා ජ්‍යෙෂ්ඨ උපදේශකත්වයේ පිහිටුවා පක්ෂ නායකත්වය කථානායක කරු ජයසුරිය මහතා වෙත ලබා දෙන ලෙස එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

සජිත් ප්‍රේමදාස මහතා වෙත පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිවීම සාධනීය ලක්ෂණයක් බවත් ඔහු කරු ජයසුරිය මහතාගේ නායකත්වය පිලිගෙන පක්ෂය නගා සිටුවන ඇති බවත් එම නිවේදයෙන් වැඩිදුරටත් කියා තිබේ.

තවදුරටත් මෙම යොජනා ඉවතලන්නේ නම් මහා සංඝරත්නය වන තමන්වහන්සේලාටද ඉදිරියේදි නිහඬ වන්නට සිදු වනු ඇති බවත් එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

More Stories