සාමාන්‍යයෙන් ,මැතිවරණ කොමිෂන් සභව හෝ මා ,අප සම්බන්ධයෙන් දේශපාලනඥයින් විසින් කරන ප්‍රකාශ වලට පිළිතුරු දෙන්නේ නැහැ . එසේවුවත් Covid 19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී ස්වකීය පක්ෂය / අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින් / අපේක්ෂකයින් වැළකී සිටිය යුතු බවට මැකොස කළ ප්‍රකාශ හා නිකුත් කළ ලිපි පිළිබදව කරන ලද බරපතල විවේචනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව බොහෝදෙනකු අපෙන් ඉල්ලා සිටීයි .
මේ ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක පදනමක් රහිතව මැකොස විවේචනය කර තිබීම අයෝග්‍ය බව, ඔවුන් කියන නිසා පිළිතුරක් දීමට අවශ්‍ය බව මාත් හිතනවා . ඒත් එම ප්‍රකාශය මෙන් ඒ ටෝන් tone එකෙන් උත්තර දෙන්න මේ වෙලාවෙදි මැකොස සභාපති ලෙස මට බැහැ .
මැකොස කිසිවිටක කියා නැහැ, ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බව . අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග හරහා දේශපාලනඥයින් / අපෙක්ෂකයන් ,ස්වකීය පක්ෂය හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය නොකළ යුතු බවයි
එය ඡන්දවිමසීම් කාලයකදී පමණක් නොව ශිෂ්ට රටකදී සාමාන්‍ය තත්වය යටතේවුවද නොකළ යුතු බවයි අපේ මතය . යහපත් පුරවැසියන් සියලු දෙනාම එයට එකඟ බව අප දන්නවා
අප පෙර සඳහන් ප්‍රකාශ කළේ සහන ලබාදීම හරහා දේශපාලනමය ප්‍රවර්ධන සිදුකරන අපට පැමිණිලි ලැබීම නිසා . එම පැමිණිලි වලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ . බොහෝ පැමිණිලි එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ ,. ඒ පැමිණිලි වැැඩි සංඛ්‍යාවක් , එම පක්ෂයේම අපේක්ෂකයින් වෙතින් ලැබීම විශේෂිත තත්වයක් . ඒ පැමිණිලි ගැන වෙනත් තැනක ලියන්න හිතනවා .
මේ අපේ දැනුම්දිීම් එක් පක්ෂයකට පමණක් අදාළ නැහැ . සෑම පක්ෂයකටම ,කණ්ඩායමකට, හා අපේක්ෂකයකුට අදාළ බව කියන්න ඕනෙ .
තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම පළාත්පාලන ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක් ලබා ගැනීම . එය සම්පූර්ණයෙන්ම වැරදියි .අනීතිකයි
ඒවගේම තනතුරේ නිල බලය ,දේශපාලනමය බලය භාවිතා කර ආධාර එකතු කර බෙදා දෙමින් තමන්ගේ දේශපාලන ප්‍රවර්ධනය සදහා යොදා ගන්නා බවට පැමිණිලි ලැබෙනවා , එයත් වැරදියි .
දේශපාලනඥයින්ට ,ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොද ක්‍රමය තමයි , ඒ ආධාර , රාජ්‍ය යන්ත්‍රණය හරහා ලබා දෙන එක . අපේක්ෂකයින් ආධාර දෙන ඡායාරූප , වීඩියෝ ප්‍රදර්ශනය නොකරනව තමයි හොඳ .
ඉතා සුලු පිරිසක් , මේ ආධාර දීම හරහා ,මනාප ගැන හිතනවා ඇති , ශිෂ්ට ,යහපත් දේශපාලනඥයින් එහෙම කරන්නෙ නැහැ කියලයි අප හිතන්නෙ. .අප කියල තියෙන්නෙ පක්ෂය , අපේක්ෂකත්වය ප්‍රවර්ධන කරන්න එපා යනුවෙනුයි .,ඒක නිසා අපේ ඒ ප්‍රකාශවල කිසි වරදක් නැතිබව හොදින් අපේ ප්‍රකාශ බලන හා ආධාර ලබාදීම හරහා වාසි ලබා ගැනීමට අපේක්ෂා නොකරන සැමට පැහැදිලි වෙන බව අප හිතනවා .
අාධාර දීමට වඩා බරපතල දෙයක් තමයි ,රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට , දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් කිරීම . , අප්‍රේල් 06 දා අපට සිද්ධවුණා , මේ ලැයිස්තු සැකසීම ගැන නියෝග දීමට ග්‍රාමනිලධාරීන් ස්වකීය නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට .
මැකොස ඉල්ලා ඇත්තේ මේ කාර්යය එනම් සහන අවශ්‍ය තැනැත්තන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නිර් දේශපාලනමය කරන්න ඕන කියල තමයි . එමෙන්ම සහනාධාර දීම හරහා පක්ෂ අපෙුක්ෂක ප්‍රවර්ධන නොකරන ලෙස
මැකොස කිසිම පක්ෂයක්, කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු ප්‍රවර්ධනයට හෝ,අගතියට පත්කිරීමට ක්‍රියාකරන්නේ නැහැ .අප ඒ කිසිවකුට පක්ෂපාතිත්වයක් නැහැ .
අපේ පක්ෂපාතිත්වය ජනතාවට , ප්රජාතන්ත්රවාදයට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණයි .
Covid -19 පරදවමු , නිදහස් හා සාධාරණ ඡන්දවිමසීමක් පැවැත්වීමට යහපත් වාතාවරණයක් උදා කරගනිමු .
ප්රජාතන්ත්රවාදයේ මහෝත්සවය ඡන්දවිමසීමයි
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.