මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයේ බෙදිමත් නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය වැනි දිස්ත්‍රික්කද පොදු ජන පෙරමුණ ජය ගැනිමත් සමග තුනෙන් දෙකක බලයක් සහිතව පාර්ලීමේන්තු බලයක් පොදු ජන පෙරමුණට ලබා ගැනිමට හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ අපේක්ෂක එස්. බී. දිසානායක මහතා පවසයි.

ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය මස්කෙළිය මැතිවරණ බල ප්‍රදේශයෙන් ආරම්භ කරමින් මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. බි. දිසානායක මහතා වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

පසුගිය ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් හැට නව ලක්ෂයේ ඡන්ද ප්‍රමාණය අනුව මංත්‍රිධුර 126ක් ලැබෙනවා මේ වන විට එක්සත් ජාතික පක්ෂය දෙකට බේදිමත් සමග එක්සත් ජාතික පක්ෂයේ සියයට දහයක් පමන ඡන්දය දාන්නේ නැහැ ඒ අනුව සමගි ජන බල වේගයට ආසන22හෝ 23ක්ද එක්සත් ජාතික පක්ෂයට ආසන 10හෝ 12ක් ලැබෙයි ජනතා විමුක්ති පෙරමුණට එක් ආසනයක් ලැබෙයි.

අපි නුවරඑළිය, අම්පාර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක ජය ගන්නවා වගේම කුරුනැගල, මහනුවර, රත්නපුර, ගම්පහා,ගාල්ල, මාතර, හම්බන්තොට, වැනි දිස්ත්‍රික්කවලින් වැඩිපුර මංත්‍රිධුර ගැනිමත් සමග කිසිදු අන්තවාදින්ගෙන් තොරව තුනෙන් දෙකක බලයක් සහිත රජයක් අපිට පිහිටුවන්න පුලුවන්.

සජිත්ට නොතේරෙන හුගක් දේවල් තියෙනවා ඔහුට ඉගෙන ගන්න හුගක් දේවල් තියෙනවා එත් දැන් ඉගෙන ගන්න කාලයක් නැහැ සජිත් එදා පාර්ලීමේන්තුවේදි අපේ පරිපුර්ක ඇස්තමේන්තුව අනුමත නොකිරිමට පියවර ගත්තා ඒ පරිපුර්ක ඇස්තමේන්තුව ගෙනාවේ මහින්ද රාජපක්ෂ මහතා හා ගෝඨාභය රාජපක්ෂ මහතා ගත්ත දේවල් ගෙවන්න නොවෙයි රනිල් මෛත්‍රි ගත්ත දේවල් ගෙවන්න.

සමහර කරුනු කාරනා සජිත්ට තේරෙන්නේ නැහැ එමෙන්ම ඔහුට තේරෙන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා තියෙන බව ඔහුගේ  පියා එක්සත් ජාතික පක්ෂයේ මුදුල් මුල් වැනි ලලිත් ගාමිණිලා එලවලා දැම්මා සජිත්එක්සත් ජාතික පක්ෂය කැඩිම ආරම්භ කලේ හම්බන්තොටින් රංජිත් අතපත්තු, පි. එම්. සිරිල්, ආනන්ද කුලරත්න වැනි අය අයින් කරන්න කටයුතු කලා ඒ අය එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයන්.

මෙම අවස්ථාවට හිටපු පලාත් සභා මංත්‍රි ඩබ්ලිව්. ජි. රණසිංහ මහතා ඇතුළු පාක්ෂිකයන් පිරිසක්ද එක් විය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

 

More Stories