තමන්ගේ රථවලට ගල් ගැසිම් සිදු කරනුයේ තමන් සමග කෙළින් දේශපාලන සටනට එන්න බැරි කොන්ද පන නැති දේශපාලකයන් බව නුවරඑළිය දිස්ත්‍රික් පොදු ජන පෙරමුණ ආපේක්ෂක මුත්තයියා ප්‍රභාකර් මහතා පවසයි.

ලිදුල ප්‍රදේශයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මුත්තයියා ප්‍රභාකර් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

දැනට දින කිපයකට පෙරදි මගේ රථ වාසනයකට ගල් ගැසිමක් සිදු කලා එය එක්තරා දේශපාලයකුගේ කුලිකරුවන් බවයි මගේ හැගිම මේ අයට කෙලින් මා සමග දේශපාලනය කරන්න කොන්දක් නැහැ එම නිසායි කුලි කරුවන් දමලා හැංගිලා ගල් ගස්සන්නේ.

මම මේවට බය වෙන්නේත් නැහැ සැලෙන්නෙත් නැහැ මම මේ අයට කියන්නේ ගල් ගහලා මාව බය කරන්න බැහැ කියලායි දුරකථනයෙන් ඡන්දය ඉල්ලන එක් අයෙක් කියනවා මම පැරචුට් කාරයෙක් එම නිසා ඡන්දය දෙන්න එපා කියලා මමත් මේ රටේ පුරවැසියෙක් එම නිසා මටත් මේ ලංකාවේ ඕනම තැනකින් ඡන්දය ඉල්ලන්න පුලුවන්.

එසේම තවත් අයෙක් කියනවා තමන් වත්තේ ඉපදුනේ වත්තේ ඉපදුනේ කියලා එත් ඔහු පදිංචි කොළඔ දරුවන් පාසල් යන්නේ කොළඹ මම දේශපාැලනයට ආවේ හම්බකරන්න නෙවෙයි මේ ප්‍රදේශයේ අහිංසක ජනතාවට සේවය කරන්නයි.

තව කෙනෙක් අද එක්සත් ජාතික පක්ෂ නායක රනිල්ට බනිනවා නවින්ට බනිනවා පසු ගිය රජය කාලයේ වතු කම්කරුවන්ට රුපියල් 50/= දුන්නේ නැහැ කියලා එදා ඔහු එම රජයේ හිටියා ඔහු සමග මංත්‍රිවරුන් පස් දෙනකු පවමන හිටියා අද පොරුවට කැගහන එම අයට එදා තිබුනා එම රජයෙන් ඉල්ලා අස්වෙන්න.

එත් එචදා ඔවුන් එසේ කලේ නැහැ එහෙම නොකර අද බොරුවට කැගහනවා මේ සමහර පිරිස් මට බයයි මොකද දැන් මේ ප්‍රදේශයේ ජනතාව මා සමග එකට රෝක් වෙමින් ඉන්නවා මම අනිවාර්යෙන් පාර්ලීමේන්තුවට පත් වෙනවා ඒ ගිහින් මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය නගා සිටුවන්න අධ්‍යාපනය නගා සිටුවන්න සෞඛ්‍ය නගා සිටුවන්න අවශ්‍ය කටයුතු කරනවා.

එම නිසා මම මට ගල් ගහාන අයට කියන්නේ හැංගිලා ගල් ගැහැවුවට මගේ ගමන නවත්වන්න බැහැ මොකද මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනතාව ඉන්නේ මම සමගයි කියලා එමෙන්ම මේ ගල් ගහන අයට කොන්ද පන තියෙනවානම් මම සමග දේශපාලනය කිරිමට මුහුණට එන ලෙසත් මම අභියෝග කරනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts