මැතිවරණය අවසන් විය. වත්මන් ජනාධිපතිවරයා ඇතුලු පොදු ජන පෙරමුණ ඉල්ලු තුනෙන් දෙකේ බලය ඔහුට ලබා ගැනීමට හැකි වු අතර, අවශ්‍ය නම් දැන් ඔවුන්ට අනෙකුත් මුස්ලිම් හා දමිල පක්ෂයන්ගේ සහායෙන් හයෙන් පහක බලයක් වුවද මෙම පාර්ලිමේන්තුව තුළ ගොඩනැගීමට හැකියාව ඇත. මෙම ජයග්‍රහණය සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ අනෙකුත් පක්ෂයන්ගේ සහායක් නොගෙන විශේෂයෙන් සුලු ජාතික පක්ෂයන්ගේ සහායක් නොලබා තනි පක්ෂයක් ලබාගත් විශිෂ්ඨම ජයග්‍රහණයක් ලෙස ඉතිහාස ගතවනු ඇත.
ඒමෙන්ම, ජේ.ආර් ජයවර්ධන මහතා විසින් සකසනු ලැබූ වර්තමාන 1978 ව්‍යවස්ථාව තුළ විධායකය නොහොත් ජනාධිපතිවරයාට තිබු අසීමිත බලය සීමා කොට ව්‍යවස්ථාදායකයට නොහොත් පාර්ලිමේන්තුව වෙත, නොඒසේ නම් අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය වෙත සැලකිය යුතු බලයක් හිමිවෙන ප්‍රථම අවස්ථාව ද මෙය වනු ඇත.
යහපාලන ආණ්ඩුව තුළ මෙම ආකෘතිය යම් පමණකට අත්හදා බලනු ලැබුවත්, ඒම කාලය තුළ පැවැති බලයට වඩා වැඩි බලයක් වර්තමාන අගමැති ප්රමුඛ කැබිනට් මණ්ඩලයට හිමි වීම තුළ පෙර පැවති තත්ත්වයට කිසිසේත් සමකළ නොහැකි තත්ත්වයක් නිර්මාණය වන බවට දැනටමත් අනාවැකි පලවී තිබේ.
යහපාලන රජය සමයේ ඇති කළ වැදගත් හා දැවැන්තම දේශපාලණ ප්රථිසංසරණයක් වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කළ මෙම නව ආකෘතිය සම්බන්ධව වර්තමාන රජයේ බොහෝ දේශපාලණඥයින් සෑහෙන විවේචනයක් ඒල්ල කරනු ලැබීය. ඔවුන් ඉදිරිපත් කළ ප්‍රධාන තර්කය වුයේ අප ආණ්ඩුක්රමය තුළ මෙතෙක් පැවති ඒකීය බල අධිකාරීය වෙනුවට 19 ව්‍යවස්ථා සංශෝධනය තුළින් බල ආධිකාරීන් තුනක් ස්ථාපිත වූ බවයි.
බැලු බැල්මට ඒහි සත්‍යයක් තිබේ. ජනාධිපතිවරයාට තිබු බලයෙන් කොටසක්, අගමැතිවරයා ප්රමුඛ පාර්ලිමේන්තුව වෙතත්, තවත් කොටසක් කතානායකවරයා ප්රමුඛ ව්‍යවස්ථාදායක සභාවටත් මෙම ව්‍යවස්ථා සංශෝධනය හරහා සිදු විය. ඉන් නාමිකව පැවති පාර්ලිමේන්තුවත්, අගමැතිවරයාටත් යම් බලයක් ලැබුනු අතර ව්‍යවස්ථා දායක සභාව හරහා පත් වු ස්වාධීන කොමිෂන් සභා නිසා රාජ්‍ය සේවය දේශපාලණ බල අධිකාරියට යටත් නොවී යම් දුරකට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ කඩ විවර විය.
මේ තත්ත්වය අපගේ පැවති දේශපාලණ සංස්කෘතියට කිසිසේත් නොගැලපෙන දෙයක් විය. විශේෂයෙන් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයින්ට පැවති බලය ඉන් අවහිර විය. පලාතේ පොලිස් නිලධාරීන්ගේ සිට අනෙකුත් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව තීරණ ගැනීමේ බලය ඔවුන්ට මින් අහිමි විය. තම දේශපාලණ හිතවතුන්ගේ ඔ්නෑ ඒපාකම් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන්ට කතා කර මෙතෙක් සිදු කළ ක්‍රියාවන් මින් සෑහෙන දුරකට සීමා විය.
මේ හේතුව නිසාම, මෙම 19 ව්‍යාවස්ථාව ගෙන ඒමට කටයුතු කළ යහපාලන ආණ්ඩුවේම සමහර දේශපාලනඥයින් තමන් කළේ විශාල මොඩකමක් බවට මෙම ලියුම්කරැ වෙතද අවස්ථා ගනනාවක දි ප්‍රකාශ කර තිබුනි.
ඒසේනම්, මෙම දේශපාලණ සංස්කෘතිය වැඩි දියුණු කළ හා ඉන් විශාල වාසි ලබාගත් වත්මන් රජය මෙය වෙනස් කිරීමට යෝජනා කිරීම සම්බන්ධව පුදුම විය යුතු නැත. නමුත්, මෙම ප්රථිසංස්කරණයන් හේතුවෙන් ප්රජාතන්ත්රවාදය අගයන මිනිසුන්ගේ ඒක් අපේක්ෂාවක් ඉටු විය. රට තුළ ස්වාධීන හා කාර්යක්ෂම රාජ්‍ය සේවයක් යම් පමණකට මින් ස්ථාපිත විය. අල්ලස හා දූෂණයද සෑහෙන ප්‍රමාණයකට මින් සීමා විය. ඒමෙන්ම, යහපාලන රාජ්‍යයක් ගොඩනැගීමට අවශ්‍ය මූලික පදනම මින් ස්ථාපිත විය. නමුත්, රටේ මහ ජනතාවගේ බහුතරයක් ඉල්ලා සිටින්නේ නැවත පැරණි ක්‍රමය නම්, මේ පාර්ලිමේන්තුවට ඒම ක්‍රමය නැවත ස්ථාපිත කිරීමේ හැකියාව අවශ්‍ය ප්‍රමාණයටත් වඩා තිබේ.
නමුත්, මේ ගොඩනැගී ඇති වර්තමාන ආකෘතිය තුළ විශේෂත්වයක් තිබේ. ඒ අගමැතිධුරය හා ජනාධිපතිධුරය දෙවරක් දරා තුන්වන වාරය සදහා උත්සාහාර කර සුලු ඡන්ද ප්‍රමාණයකින් පරාජය ලැබු වර්තමාන අගමැතිවරයාත්, අනෙක් පසෙන් ව්‍යවස්ථානුකුලව ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට නොහැකි නිසා ඔහුගේ අනුපාප්තිකයා ලෙස ඉදිරිපත් කළ ඔහුගේ සොහොයුරැ මෙම වැදගත් ධුරයන් දෙක හෙඹවීම නිසා ඇති වන තත්ත්වයයි.
වත්මන් අගමැතිවරයා තම බලය, තම මල්ලීවන ජනාධිපතිවරයා වෙත පවරා හිටපු අගමැති දි.මු ජයරත්න මහතා වැනි තත්ත්වයකට පත්වී සිටීමට හිත හදාගතහොත්, 19 වන ව්‍යවස්ථාව සංශෝධනය ඉවත්වීමට හෝ නැවත සංශෝධනය වීමට නියමිතය. වත්මන් අගමැතිවරයා තම බලය අතහැරීමට සූදානම් නොවන්නේ නම්, ඉන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය තව දුරටත් ආරක්ෂාවනු ඇත.