ජනාධිපතිවරයාට ගෙදර යන ලෙස බල කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ පැවැත්වෙන විරෝධතා තුන්වන දිනටත් ක‍්‍රියාත්මකය.

ඇදහැලෙන වැසි ද නොතකා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිවිසුම ඉදිරිපිට ඊයේ රැස්වූ පිරිසෙන් කොටසක් තවදුරටත් විරෝධතාවයේ නිරත වනවා.

නිර්පාක්‍ෂික ජනතා අරගලය ලෙස නම් කර ඇති එම විරෝධතාවට ප්‍රදේශ රැසකින් පැමිණි ආගමික නායකයන්ද සිටින බවයි  වාර්තාකරු පැවසුවේ. රට තුළ උද්ගතවී ඇති අර්බුදවලට විසදුම් ඉල්ලායි ඔවුන් එලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

ඊයේ දිනයේ විරෝධතාකරුවන් එම ස්ථානයේ කූඩාරම් රැසක් ඉදි කර තිබේ.

ඒ අතර විවේක ගැනීටම් කූඩාරම්, වෛද්‍ය පහසුකම් කූඩාරම්, ආහාර ලබා ගැනීමට කූඩාරම්ද වෙති.

විරේධතාකරුවන් සදහා තාවකාලික වැසිකිළි කිහිපයක්ද සවි කර ඇත.

විරෝධතාකරුවන් විසින් එම ප්‍රදේශයට ‘ගෝටාගෝගම’ ලෙස නමක්ද යොදා ඇත.

 

More Stories