Contagion (2011) කියන්නේ  Sex, Lives and Videotape (1989), Traffic (2000) වැනිවිශිෂ්ට චිත්‍රපට අධ්‍යක්ශනය කළ Steven Soderberg ගේ චිත්‍රපටයක්.

මෙම චිත්‍රපටයෙන්පෙන්වන්නේ  චීනයේ Hong Kong හි මස් පිණිස ඌරන් ඇති කරන සත්ව ගොවිපොළකට වැටෙන වවුලන්ගේඅශූචි අනුභව කළ ඌරන් හරහා පැතිරෙන  මාරාන්තික වෛරසය (MEV -1) මිනිස් සිරුරටඇතුල් වීමෙන් ලොවපුරා ඇතිවන වසංගත තත්ත්වය පිළිබඳ ප්‍රබන්ධ කතාවයි.

මෙම චිත්‍රපටයතුළින් මතුපිටින් පෙනෙන රෝගය පැතිරෙන ස්වභාවය, එයින් ආරක්ෂා වීමට ඇති ක්‍රමවේද, මිනිස්සුන්ගේ කලබල වීම හා අපරික්ෂාරී හැසිරීම, බොරු ප්‍රචාර යනාදි සියල්ල වත්මන්කොරෝනා තත්ත්වය සමගින් මැනවින් සැසදේ. මේ ලිවීමේ අරමුණ ඉන් ඔබ්බට ගොසින්වත්මන් කොරෝනා තත්ත්වයේ සමාජ දේශපාලනික හැසිරීම මේ චිත්‍රපටය හරහා තේරුම්ගැනීමට උත්සහ කිරීමයි.

වෛද්‍ය අංශයේ සහ දේශපාලනික අධිකාරියේ අන්තර් ගැටුම මේ චිත්‍රපටයෙනුත් මනාව පිළිබිඹු වෙනවා. වෛද්‍ය අංශ අනතුරුඇගෙව්වත් ඇමරිකානු දේශපාලන අධිකාරිය මුලින්ම එය එච්චර සැලකිල්ලට ගන්නේ නෑ.

රෝග මර්දන මධ්‍යස්ථානයේ (CDC) නියෝජිත වෛද්‍ය Erin Mears මහත්මිය ජනපද ආණ්ඩුකාරවරයාගේ නියෝජිතයන්ට  වෛරසයේ අවදානම ගැන කියද්දී ඔවුන්පවසන්නේ මෙය දැනට ආණ්ඩුකාරවරයාට රැගෙන යෑම හෝ ජනතාවට ප්‍රකාශ කිරීම කළ නොහැකි බවයි.

ඒ වගේම මධ්‍යම රජයමෙය ජීව විද්‍යාත්මක ප්‍රහාරයක් යැයි සැක කරමින් CIA ඇතුළු ආරක්ෂක අංශ සේවයේ යොදවා ඔවුන්ගේ කටයුතුවලටප්‍රමුඛත්වය දෙයි.

මෙම චිත්‍රපටයේ ඉස්මතුවන රිදී රේඛාව නම් දේශපාලන අධිකාරියෙන් පරිබාහිරව පවතින මානව වාදයයි. CDC ප්‍රධානි වෛද්‍යEllis Cheever, වෛද්‍ය Erin Mears, වෛද්‍ය Leonora Orantes සහ වෛද්‍ය Ally Hextall ඒ මානව වාදය දරා සිටින බලකනුඅතර ප්‍රධාන වේ.

මෙම භයානක MEV – 1 වෛරසයන් ආරක්ෂා වීමට සොයා ගන්නා එන්නත සීමිත බැවින් මුලදී එය තෝරාගත් පිරිසකට පමණක්ලබා දේ.

CDC ප්‍රධානි Cheever ට එන්නත දෙකක් ලබාදෙන්නේ ඔහුට සහ ඔහුගේ බිරිඳගේ භාවිතයටයි.

එහෙත් ඔහු ඉන් එකක්ඔහුගේ කාර්යාලයේ පිරිසිදු කිරීමේ සේවකයෙකු වන Roger ගේ පුතුට දෙයි. ඒ ආණ්ඩුවේ ගණන් බැලීම සහ ප්‍රමුඛත්වයන් අනුවRoger ලාට එය ලැබීම ප්‍රමාද වන බව ඔහු දන්නා නිසාය.

අනික් අතට වෛරසය තදබල ලෙසින් පැතිරෙන ප්‍රදේශ වලින් ජනතාවඉවත් කිරීමට ආණ්ඩුව ගන්නා තීරණය ඔහු තමන්ගේ බිරිඳට පමණ  හොර රහසේ දැනුම් දී ඈ තමන්ගේකාර්යාලයට ගෙන්නාගන්නා අතර එය Roger වැන්නන්ගෙන් වසන් කරයි.

ඒපිළිබඳ වරදකාරි හැගීමක් ද වෛද්‍ය Cheever ට ඇත. ඔහු එක එන්නතක්තමන්ගේ බිරිඳට දී අනික තමන් නොගෙන Attention Deficit Disorder තත්ත්වයකින් ද පෙළෙන Roger ගේ පුතුට දෙන්නතීරණය කරන්නේ ඒ නිසයි.

රෝගය පිළිබඳ පරීක්ෂණ කටයුතු කරමින් සිටියදී වෛද්‍ය Mears මහත්මි යට ද වෛරසය ආසාදනය වේ. තමන් ආසාදිත බවදැනගන්නා මොහොතේම ඇය සිදු කරන්නේ ඈ නැවතී සිටින හෝටලයේ පා ලනාධිකාරියට එය දැනුම් දී එය ව්‍යාප්ත වීමවැළැක්වීමට කටයුතු කිරීමයි.

ඇය කණගාටු වන්නේ තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වීම ගැනයි.

ඇයරෝහලේ ප්‍රතිකාර ලබද්දී ඇයට යාබදව සිටින රෝගියෙකු බලවත් සේ අසාධ්‍යව හෙදියගෙන් ශරීරය උණුසුම් කර ගැනීමටක බායක් ඉල්ලයි. මේ මොහොතේමරණාසන්නව සිටින වෛද්‍ය Mears තම ඇග මත ඇති කබාය බිමට දමයි.

අවසන්  මොහොතේහෝ අනෙකා වෙනුවෙන් යමක් කිරීමේ ඇගේ උතුම් මානවීය අරමුණ එළියට එන්නේ ඒ ලෙසින්.

වෛරසයට එන්නතක් සොයා ගැනීම සදහා පෙරමුණගෙන කටයුතු කරන වෛද්‍ය Ally Hextall ගේ භූමිකාවද ඉතාතීරණාත්මකයි. ඇය ඒ වෙනුවෙන් දිවා රෑ කැපවන්නේ තමන්ග්‍ගේ ජීවිතය ද පරදුවට තබමිනි.

සොයාගත් එන්නත ජනතාවටලබාදීම ගැන පැවැත්වෙන ආණ්ඩුවේ මාධ්‍ය හමුවට ඇය සහභාගි නොවන්නේ ඇයි කියා CDC ප්‍රධානි අසද්දී ඇය පවසන්නේඑන්නත ජනතාවට බෙදාහැරීම සදහා ඈ සිදුකරමින් සිටින කාණ්ඩ ගත කිරීමේ කටයුතු ඒ මාධ්‍ය හමුවට වඩා වැදගත් බවයි.

වෛරසයේ මූලාශ්‍රය සොයා චීනයේ Hong Kong වෙත ගොස් පර්යේෂණ කටයුතු සිදු කරන වෛද්‍ය Leonora Orantes එහිදීපැහැර ගැනීමට ලක්වෙයි. චීන බලධාරීන්ගේ කොන්දේසිය වන්නේ ඇය නිදහස් කිරීමට නම් ඇමරිකාව නිෂ්පාදනය කර ඇතිඖෂධය පළමු අදියරේදීම ඔවුන්ට ලබාදිය යුතු බවයි.

එය ලැබෙන තෙක් වෛද්‍ය Orantes මහත්මිය චීනයේ ගමක ආසාදිත වීමේඅවදානමෙන් සිටින අසරණ ළමුන් සහ වැඩිහිටියන් සිටින කදවුරකට රැගෙන යනු ලබයි.

එහිදී ඇය තවමත් ආසාදිත වී නැති මෙමදරුවන්ට වඩාත් සමීප වේ. ඇය ඔවුන්ට උගන්වයි. පොරොන්දු වූ ආකාරයට ඇය මුදවා ගැනීම සදහා ඇමරිකානු බලධාරීන් එන්නත්එකතුවක් රැගෙන එයි. එය චීන බලධාරීන්ට ලබාදෙයි. ඔවුන්  එය මුලින්ම එන්නත් කරන්නේ ඇයටයි.

එය එන්නත විය හැකි බවඇය සනාථ කිරීමෙන් පසුව ඔවුන් ඇය නිදහස් කරයි. එහෙත් ගුවන්තොටුපළේදී ඇගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා පවසන්නේ චීනුන්ට ලබාදුන් බෙහෙත නියම එන්නත නොවන බවයි. එය Placebo එකක් හෙවත් ශක්තියෙන් අඩු ව්‍යාජ බෙහෙතක් බවයි.

මේ අවස්ථාවේදීවෛද්‍යවරියගේ හැසිරීම කුමක්ද? ඇය එතැනින් නැගිට යයි. ඇය ආපහු යන්නේ අර අසරණ ළමුන් ළගට විය යුතුයි.

මේ මොහොතේ ඇය නිර්භයව පෙන්වන්නේ මෙවන් අවස්ථාවක ගෝලීය වශයෙන් එකම මිනිස් කණ්ඩායමක් ලෙස සිතීමේ සහපැවතීමේ වැදගත් කම නොවේද?

අවසාන වශයෙන් කිව යුතු වන්නේ මේ මොහොතේ අපේ රටේ  අපි දකින මානවා වාදයත් ඉස්මතු වුනේ වෛද්‍යවරුන්ගෙන්, හෙදියන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවලින්, රාජ්‍ය සේවකයන්ගෙන්, ගෙදරට වී අනිත් මිනිසුන් වෙනුවෙන් මාස්ක් මහන සාමාන්‍යමිනිස්සුන්ගන් මිස චන්ද සැලසුම් කළ දේශපාලකයන්ගෙන් නොවේ.

 Contagion චිත්‍රපටයඇසුරෙන්

අමිල යහලවෙල

Similar Posts