චිත්‍රයකට ඕනෑම පුද්ගලයෙකුගේ සිතුවිලි වෙනස් කිරිමේ හැකියාව තිබේ. එම චිත්‍රය සුන්දර හෝ අසුන්දර වේවා ඒ තුලින් පුද්ගලයෙකුගේ මනස ධනාත්මකවත් සෘණාත්මකවත් වෙනස් කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරු පවා පිළිගන්නා දෙයකි.

මේ වන විට ශ්‍රි ලංකාවේද මිනිසුන්ගේ සිතුවිලි ධනාත්මකව වෙනස් කිරිමට තරුණ කණ්ඩායමක් ඉදිරියට පැමිණ තිබේ. ඒ නගර අලංකරණය කිරිමටය. වෙනදාට විවිධ දැන්වීම් , පුද්ගලික උපකාර පන්ති ගුරුවරුන්ගේ පන්ති පෝස්ටර් වලින් නැහැවී තිබු තාප්ප දැන් පාට පාටින් සිතුවම් වන්නට පටන් ගෙන තිබේ. අද තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල නගරය, ගම ලස්සන කරන්න තාප්ප වල සිතුවම් ඇඳීමය. පාප්ප වලින් නැහැවී තිබු බොහෝ තාප්ප මේ වන විට තරුණ තරුණියන්ගේ දෑත් වලින් හැඩ වන්නට පටන් ගෙන තිබේ. අද තරුණ පරම්පරාවේ අලුත්ම රැල්ල තාප්ප ලස්සන කිරීමය.

නමුත් අපට ප්‍රථම මෙම කාර්යය ඉන්දියාවේ ආරම්භ කර තිබේ. ඒ මුඩුක්කු වල වෙසෙන දුගී දුප්පත් ජනතාවගේ මුවට සිනහවක් රැගෙන ඒමටය. ඉන්දියාවේ, නව දිල්ලියේ මුඩුක්කු නිවාස පෙළක ජිවත් වන පුද්ගලයින් රැසකගේ ජිවිතය වෙනස් කිරිමට මෙසේ ක්‍රියා කර තිබුණේ විදී කලාකරුවන් පිරිසකි. ඒ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුගේ ඉල්ලීමක් අනුවය.

පැල්පත්වාසී ජනයාටද අනෙක් පුද්ගලයන් මෙන් සමාජයේ සමාන තැනක් ලබා දිමට මෙයින් හැකිව තිබේ. දැඩි අපිරිසිදු හා දැඩි දුර්ගන්ධයකින් යුත් මුඩුක්කු නිවාස වලට වර්ණවත් නව පෙනුමක් ලබා දීම මුඩුක්කු වැසියන්ගේ ජිවිත වෙනස් කිරිමට හේතු වී තිබෙන බව විදී කලාකරුවන් පවසයි.

වෙනදාට අප්‍රසන්න රගුබීර් නගරයේ මුඩුක්කු දෙස නොබැලු ජනයා අද ඒ ප්‍රදේශ වලට ගොස් සෙල්ෆි ඡයාරූපයක් ගැනීමට තරම් පෙළඹී තිබේ. මුලික පහසුකම්වත් නොමැති මෙම පිරිසගේ මුඩුක්කු ජනතාවගේ නිවාස වල අපූරු සිතුවම් සිත්තම් කරන්නට වීදී කලාකරුවන් පියවර ගෙන තිබේ.

මෙහි ආගම, ජිවිතයේ වැදගත් අවස්ථා, සොබා දහම ආදිය සිතුවම් කර ඇති අයුරු දක්නට පුලුවන. මෙයින් එහි ජිවත් වන පුද්ගලයින්ගේ ධනාත්මකව සිතුවිලි වෙනස් කරන්නට හැකියාව ලැබි ඇති අතර සමාජය කෙරෙහි විශ්වාසයක් ඇති කරවන්නටද හැකියාව ලැබුණු බව දිල්ලි ආර්ට් වීදියේ නිර්මාතෘ යොගේෂ් සයිනි පවසයි. ස්වේච්ඡා සේවකයින් 15 -20 ක් පමණ දෙනෙකු මාසයකට අඩු කාලයක් තුලදී ඉටු කිරිමට හැකි වු බවද යොගේෂ් සයිනි පවසයි.

නුදුරු දිනක ඉන්දියාවේ නිවාස මෙන්ම අපේ රටේ තාප්පද සිතුවමින් අලංකාර වනු ඇත.

ශානිකා

More Stories