දෙහිමිරිස් නූල් යන්තරය තවත් එක්තරා නූල් සූත්තරයක් නම් නොවේ.මෙය විවිධ වාහනවලට පළදවන මාලයක් වැනි ආභරණයක් ලෙසද හදුන්වා දිය හැකිය.වාහනයේ ආරක්ෂාවට ඇස්වහ කට වහ දෝෂයන්ට ලංකාවේ පමණක් නොව ආසියානු රටවලද දෙහි මිරිස් නූල් යන්තරය ජනතාවගේ හදවත් දිනාගත් හරි පුදුම පිළිගැනීමක් ඇති විස්වාසයකි.
දෙහිමිරිස් එල්ලු වීට වාහනයක ආරක්ෂාව ඇතිවන්නේ නම් කොරියන්,ජපන් ජාතිකයෝ වාහන නිපදවන රටවල් දෙහි මිරිස්වලින් වාහන හදන දිනය වැඩි ඈතක නොවේ. දෙහිමිරිස් තිබ්බොත් වාහන හැප්පෙන්නේ නැද්ද ද යන්න ද කල්පනා කළ යුතුව ඇත. වාහන අනතුරු සිදුවන ප්රවනතාවය පිළිබඳව සලකා බැලීමේ දි දෙහිමිරිස් එල්ලා ඇති වාහනද අනතුරුවලිට ගොදුරු වී ඇති බව පෙනේ.
සත්තකින්ම දෙහි ඇන්ඩ් මිරිස් කරල් රොලීං ඉන් ලැම්බෝගිනි වාහනවල එල්ලන්නේ ආදි කාලයේ සිටිය.සමහරු මේ ආකාරයට ඇස්වහ කටවහ දොස් සමනය කරන්ට වාහනයේ විතරක් නොව ගෙදර මුදුන් බිත්තියේ ද එල්ලා තිබෙනු දැකිය හැකිය. සමහරු පඩුරු එල්ලති. සමරු විධිධ ආගමික සංකේත ද තම නිවසේ තම වාහනයේ ඉදිරිපිට ද එල්ලා තබන ගැට ගසා තබන ආකාරය දැකිය හැකිය.
මේ අනුව, ගෙදරට මුලින්ම වාහනයක් ගෙන ආ විගස ඒ මෝටර් රථයෙන්ම ගෙදරට එන්නේ දෙහිමිරිස් ගුරුකම ද ගෙදරට එන බව දැකිය හැකිය.මෙය සෑම වාහනයකම වාගේ සිදු කරන වාහන මන්තරයකි.
විද්‍යාව හැමදාම පරිගණක තාක්ෂණය නවීකරණය වේ.ඒවා අනුව, වාහන වල තාක්ෂණයද ඉහළ ප්‍රමිති තත්ත්වයකින් යුතුව පවතී.නමුත්, සමහර සංකල්ප අද කාලයේ ප්‍රයෝජනයට ගත නොහැකිය. නමුත් මේ දෙහි මිරිස් කරල් නූල් යන්තරය සුපුරුදු පරිදි ගෙදරට එන්නේ අනාදිමත් කාලයක සිටියි.
මිත්‍යාව හා අද්භූත දේවල් වලට මේ රටේ ජනතාව හැමදාමත් ගොදුරු කරගන්නට සමාජයේ පිරිසක් සිටිති. ඒ දෙහි මිරිස් නූල් යන්තරයෝ විකුණන වෙළෙන්දන්ය. නගරවල මෙන්ම, කොවිල්,පල්ලි,පන්සල් අසල මේ ආකාරයට දෙහි මිරිස් නූල් යන්තර විකුණන පිරිස් දැකිය හැකිය.
රුපියල් 100 සිට රුපියල් 1000 දක්වා මිල නියම වන මේ යන්තර වලට සමහර භක්තිය වැඩි වී වැඩි මිලක් ගෙවන අවස්ථාද දැකිය හැකිය.දෙහිගෙඩි හා මිරිස්කරල් එල්ලන ක්‍රමය නිසා ජිවත් වන පිරිස සුළුපටු නොවේ.දෙහි මිල් ඉහළ යන විට මිරිස් මිල ඉහළ යන විට දෙහිමිරිස් නූල් යන්තරවල මිල් ඉහළ යන් බව අප සමඟ අදහස් ප්‍රකාශ කළ රටපුරා වෙළෙන්දෝ පැවසුහ.
දෙහිමිරිස් ගුරුකමේ ඇත්ත කථාව අද තියෙන මත වලට වඩා බොහෝම වෙනස් වු කතාන්දරයකි.
අප අතීතයේ ගමන් ගියේ ලී කරත්ත වලය නැතිනම් පා ගමනින්ය.ඒ අනුව, කරත්ත වල රෝද එකතු වෙන තැන,වහලයේ සමහර කොටස්,ඇණ වගේ දේවල් හදල තියෙන්නේ යකඩ වලින්. ලොකු තාක්ෂණයක් තිබුණේ නැති ඒ කාලේ යකඩ මළකඩ කෑම නවත්තන්න ක්‍රමයක් තිබුණේ නෑ.
ඒ නිසා කරත්ත වල යකඩ ඇණ මළකඩ කෑම නිසා ඒ මිනිස්සු බොහෝම කරදර වලට මුහුණ දීමට සිදු විය. මේ අනුව දෙහිගෙඩි කීපයක්, මිරිස්කරල් කීපයක් එකතු වෙලා හැදෙන දියරය(යුෂ) අදාළ ස්ථානයේ ස්පර්ශ කළ විට මළකඩ කෑම වලක්වා ගන්නට පැරණි මිනිසාට හැකි වුහ.ඒ නිසා දෙහිමිරිස් කීපයක් කරත්තයේ එල්ලගෙන යන්න ඔවුන් අතිතයේ සිට සිදුකරගෙන ගියෝ ය.
මෙහි ඇත්තේ සරළ විද්‍යාත්මක සුදුවීමකි. යකඩ මළකඩ කන්නේ වාතයේ තියෙන ඔක්සිජන් (O) එකතු වීම නිසාය.ඒ ඔක්සිජන් යකඩ එක් වු විට සැකසෙන්නේ භෂ්මයකි. භෂ්ම ඉවත් කරන්නට භාවිතා කරන්නේ අම්ල වේ.සත්තකින්ම කරත්ත වලින් පස්සේ ගමනාගමන වලට මෝටර් රථ මුල් කාලයේ මළ කෑමේ අවධානයක් තිබිණි. ඒ නිසා දෙහිගෙඩි කීපයක්, මිරිස්කරල් කීපයක් එල්ලගෙන යන්න මිනිස්සු පුරුදු සිටිය බවට දෙහි මිරිස් කරල් කතාන්දරය සොයා යන ගමනේ දී හාදුනාගත හැකි විය..
සත්තකින්ම අදව න විට දේව පූජාවක් මට්ටමට දෙහිමිරිස් සංකල්පය පහළ වැටී ඇත.මෙයට අමතරව,දෙහිමිරිස් වාහනයේ එල්ලද් දී පිරිත් කියන මට්ටමට ආගම සම්බන්ධකර ඇතිබවද දැකිය හැකිය. අද කාලයේ තියෙන මිථ්‍යාදෘෂ්ඨික කියලා කියන සංකල්ප බහුතරයක් විද්‍යාත්මක දෙයක පැවැත්මට අවිද්‍යාව එකතු කිරීම නිසා සමාජය පිළිනොගන්නා දේවල් ය. පරම්පරාවෙන් දෙයක් ආ නිසා හිතනවා වෙනුවට හේතුවක් නිසා මේ දෙය වෙනවා කියා හිතන්න සමාජය පුරුදු වෙනවානම් මේ වගේ සංකල්පවල ඇත්ත නැත්ත එලියට ගන්න හැකිවනු ඇත.
ලංකා සමාජයේ වැඩිපිරිසක් අලුත් වාහනයක් මිලදී ගත් විට දෙහි ගෙඩි තුනයි, අමුමිරිස් කරල් තුනයි බෆර් එකේ යට එල්ලගෙන සිරිතක් තිබේ.එය වාහනයට සහ තමන්ට ආරක්ෂාවක් ලැබේ විස්වාසයයි.ඇමරිකාවේ,කැනඩාවේ, එංගලන්තයේ හෝ ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ලාංකිකයන් මෙසේ තමන් ගේ වාහන වල දෙහි ගෙඩි සහ අමු මිරිස් බෆර් එකේ යට එල්ලගෙන සෙයක් දැකිය නොහැකිය. එයද සිතියයුතු කරුණක් නොවන්නේ ද ?
ශ්‍රී ලංකාවේ පාරවල් වල වාහන ධාවනය කිරීමේ දී ආරක්ෂාවක් නැත.ඒ නිසා ලාංකිකයෝ දෙමි මිරිස් නූල් යන්තරයට මුල් තැන දී අපේ ආරක්ෂාව සඳහා සහතිකයක් ලබාගෙන ඇත. මේ නිසා ලාංකිකයා ගුප්ත විද්‍යා වලින් පිහිට අයදිති. මේ නිසා ලංකාවේ උගත් වෘත්තිකයෙකු වූවද තමන් ගේ වාහන වල දෙහි ගෙඩි සහ අමුමිරිස් බෆර් එකේ යට එල්ලීම සිදු කරනු දැකිය හැකිය.
ලොව සුප්‍රකට වාහන නිර්මාපකයන් ආරක්ෂාව සඳහා ආරක්ෂිත එයා බෑග් ආදිය නිර්මාණය කොට තිබෙන්නේ ආර්ථිකමය සමාජමය සහ ආකල්පමය අතින් සංවර්ධනය වූ සංයමයකින් සහ විනයකින් යුතුව වාහන ධාවනය කරන රටවල රථ ධාවනය සලකමිනි. එහෙත් මේ ආරක්ෂිත ක්‍රම අන්ධභූත රටක් වන ලංකාවේ වාහන ධාවනයේදී වලංගු නැත. මේ නිසා ලාංකිකයාට ආවේනික ආරක්ෂිත ක්‍රම උත්පාදනය විය. දෙහි ගෙඩි සහ අමුමිරිස් ආරක්ෂා නූල් යන්තරය ලංකාවේ රිය ධාවනය කරන්නන් සඳහා පමණි
අද සමාජයේ සමහර රෝග ඇස්වහ කටවහ හෝ වහ දෝෂ නිසාම සිදුවෙතැයි ගැමියෝ අදහති.දෙහි ගස්වල ගෙඩි පැලීම, අඹ ගස්වල ළා ගෙඩි වැටීම,පොල් වලූ තලා වැටීම, ඇස්වහ වැදීමෙන් සිදුවන දේ ලෙසින් විශ්වාසයක් පවතී.මේ දොස් දුරු කරන්ට ඉන්දීය, ප්‍රංශ සහ රෝම වැසියන් අතර තදින් මෙම දෝෂ විශ්වාසයට ගැනීමක් පැවති බවට වර්තාවන අතර වර්තමාන ලක්වැසියෝ ගම්බද නගර බද බේදයකින් තොරව ඇස්වහ කටවහ හෝ වහ දෝෂ වලට පිළියම් යොදනු දක්නට ඇත.
සමහරු අලුත් නිවසක අං තට්ටුවක් එල්ලීම පුහුල් ගෙඩියක් හෝ දෙහි මිරිස් ඉල්ලිමද පඹයෙක් එල්ලිමද සිදුකරන්නේ ඇස්වහ කට වහ දුර කරන්ටය. මානව සමාජයෙහි මේ ආකාරයේ මිත්‍යා විස්වාස නිසා ජනතාව අමාරුවේ වැටෙති. අනෙක් තාක්ෂණයෙන් සකස් කරන ලද වාහනයක් සමබර තාවයට හෝ ආරක්ෂාවට දෙහි මිරිස් නූල් යන්තරවලින් සිදුකළ හැකි ආරක්ෂාව කුමක්ද යන්න එක් වරක් නොව දෙවරක්ම කල්පනා කළ යුතුව ඇත.
කෙසේ නමුත් නිදන කාමරයේ දෙහි තබා ගැනීම අගනා වු කටයුත්ක් බව ගැමියෝ අදටද විස්වාස කරති.දෙහි ලෙලි යෙදූ ජලය කාමරය ඇතුළත උතුරවන තුරු රත් කරන ක්‍රමවේදයක්ද ඇත. මේ දෙහි මිශ්‍ර ජලය උතුරලා පිට වෙන වාෂ්පය නිසා ඔබේ කාමරයේ විෂබීජ එහෙමත් විනාශ වෙලා නරක ශක්තීන් හා තරංග ඔබේ කාමරයෙන් ඉවත් වේ.
තරමක් විශාල කුල්ලකට සිදු හාල් ස්ල්පයක් දමා තනිකර එහි දෙහි ගෙඩි 08ක් දිසා අට සමගාමීව තැබීම නිසා ධනය වාසනාව ඇතිවිය හැකිය. මෙයට අමතරව,කපපු දෙහි ගෙඩි තුනක් තමන් වැඩ කරන තැන මේස ලාච්චුවේ තියා ගන්න පුළුවන් නම් එයින් වැඩ කරන තැන අය ඔබ සමග තියෙන නොහොඳ කම්, කැපිලි වගේ දේවල් අඩු කර ගත හැකි වන බවද සමාජයේ විස්වාසයක් ඇත.
දෙහි මිශ්‍ර වතුර ගේ වටා ඉහින එක, විශේෂයෙන්ම මුළු හතරට ඉසින එක ගෙදර තියෙන නරක බලපෑම් යක්ෂ භූත බලවේග ඉවත් වන්නට හැකියාව ඇත. වීදුරු බදුනක අඩිය සුදු හාල් වලින් අතුරලා ඒ මත දෙහි ගෙඩි තුනක් දමා නිදාගන්න ස්ථානයේ තබා ගත හැකිය.නිවසේ රංඩු සරැවල් අඩුවේ නිවසේ හෝ ආයතනයේ ආදරය ආරක්ෂාව සැපයෙන බැව් ජනතාව පිළිගනිති.විෂ බීජ නැති වෙන එක, සුවඳක් හමන එක වගේ මහා විශාල වියදමක් යන්නෙත් නැත.එය සමාජය අල්ලාගෙන ඇත. මේ අනුව දෙහිමිරිස් නූල් යන්තර තවත් කාලයක් අපේ සමාජයේ රැදි සිටිනු ඇත.
සටහන හා ඡායාරූප – බෝගහගොඩ ඒ.ඩබ්ලිව්. ඒ නිමල්