නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය නගා සිටුවා මෙම දිස්ත්‍රික්කයෙන් වැඩි පුර උපාධිධාරින් බිහි කිරිම තම අරමුණ බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සදානන්දන් තිරුමුගනාදන් මහතා පවසයි.
හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසු සදානන්දන් තිරුමුගනාදන් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික්කයේ අධ්‍යාපන මට්ටම අනිකුත් දිස්ත්‍රික්වලට සාපේක්ෂව බලන විට ඉතාමත් අඩු මට්ටමකයි පවතින්නේ මෙම තත්වයන් වෙනස් කල යුතුයි එහෙත් මෙපමන කාලයක් මෙම දිස්ත්‍රික්කය නියෝජනය කල මැති ඇමතිවරුන් මේ පිලිබදව නිසි අවදානයක් යොමු නොකිරිම කනගාටුවට කරුනක්.
මේ වන විටත් මා විසින් මෙම දිස්ත්‍රික්කයේ උසස් පෙල හදාරන හා විශ්ව විද්ද්‍යාලවල ඉගෙනුම ලබන සිසුන් සදහා මට කල හැකි අයුරින් උදවු කරනවා මම ඒ තුලින් බලා පොරෝත්තු වන්නේ එම සිසුන් හොදින් ඉගෙන ගෙන මේ රටේ යහපත් පුරවැසියන් වනු දැකිමයි.
මෙම දිස්ත්‍රික්කයේ ඉගෙන ගන්න හැකියාව පවතින දරුවන් විශාල පිරිසක් ඉන්නවා එත් එම අයට පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ එම අයට උසස් අධ්‍යාපනය හැදැරිම සිහිනයක් වෙලා තියෙන්නේ එම තත්වයන් මත මට කල හැකි අයුරින් එම අයට අවශ්‍ය මුල්‍යමය ශක්තිය ලබා දිමට කටයුතු කරනවා මෙම දිස්ත්‍රික්කයේ ජනතාව මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් මා හට පාර්ලීමේන්තුවට යාමට අවස්ථාව ලබා දුනහොත් මේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපන තත්වයන් නගා සිටුවිම සදහා අවශ්‍ය පියවර ගැනිමට මම සුදානම්.
එම නිසා තම දරුවන්ගේ යහපත් අධ්‍යාපනයක් වෙනුවෙන් මා වටා එක්වන ලෙස මා ඔබලාගෙන් ඉල්ලා සිටිනවා ඔබලා මට ලබා දෙන හැම ඡන්දයක්ම ඔබලාගේ මෙන්ම අධ්‍යාපනය හදාරන ඔබලාගේ දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක් බව හොදින් හිතට ගන්න.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories