කතරගම, නා ගහ වීදියේ පදිංචි පතිරණලාගේ නිරෝෂන් රාත්‍රියේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදි පොලිස් වෙඩි පහරකට ලක්ව මිය ගොස් වසර දෙකකි. දෙදහස් දහ අට වසරේ ජනවාරි විසි වැනිදා රාත්‍රියේ ඔහු පොලිස් වෙඩිල්ලට ගොදුරු විය.
කතරගම ප්‍රාදේශිය සභාවේ සේවකයෙකු වු නිරෝෂන් මිය යන විට ඒක් දරු පියෙකි. මොහුගේ මරණය මුලු දකුණු පළාතම සසල කරවන්නට සමත් විය.
මෙහිදි කතරගම පොලිසියට කෙලින්ම චෝදනා ඒල්ල වු අතර පොලිසිය පැවසුයේ මොහු අණ නොතකා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදි වෙඩි තැබු බවය.
නමුත් කිසිවිටෙකත් පොලිස් නිලධාරින්ට කිසිවෙකුගේ ජිවිතය වෙඩිල්ලකින් අවසන් කිරිමට නීතියෙන් ඉඩ ලබා දී නොමැත. කතරගම පොලිසිය හා කතරගම ප්‍රදේශවාසීන් ගැටුම් ඇති කර ගනිද්දි 2018-01-27 පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වහාම සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට , නියෝජ්‍ය පොලිස්පතිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, පොලිස් අධිකාරිවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් ඇතුලු සියලුම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් හා ස්ථානාධිපතිවරුන් වෙත විශේෂ උපදෙස් ලබා දි ඇත.
ඒ අනුව පොලිස් නිලධාරියකු විසින් වෙඩි තැබිම් සිදු කල යුතු අවස්ථා දණ්ඩනිති සංග්‍රහය, අපරාධ නඩු විධාන සංග්‍රහය හා පොලිස් නියෝග වල දක්වා ඇති ප්‍රතිපාදනද සාරාංශ කර පොලිස් නිලධාරින්ගේ දැන ගැනීම සඳහා යවා තිබුණේය.
හදිසි නීතිය යටතේ වුවද පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබිය හැක්කේ පුද්ගලයෙකුගේ දණ හිසට පහල කොටසටය.
මේ බව නැවතත් සිය පොලිස් නිලධාරින්ට මතක් කර දීමට පොලිස්පතිවරයාට සිදු වුයේ සිය පහළ පොලිස් නිලධාරින්ගේ නොසැලකිල්ල, අපරික්ෂාකාරී බව නිසාය.
මේ අතර මිය ගිය තරුණයාගේ බිරිඳට හා දරුවාට නව නිවසක් තනා දීමටත් මරණයේ සියලු වියදම් පොලිසියේ වියදමින් කිරිමත් මෙහිදි සිදු විය.
මේ සිදුවීමට වසර දෙකක් ගත වු තැන යළි අපට සිහි කරන්නට සිදු වුයේ ඊයේ (19) දින හුංගම පොලිස් වසමේදි පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියකින් තැබු වෙඩිල්ලක් වැරදී ගොස් මහමඟ ගමන් කරමින් සිටි හිමි නමකට වැදී උන් වහන්සේ අපවත් වීමේ සිද්ධිය නිසාය.
ඊයේ පෙරවරු 11 ට පමණ හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේදී ජංගම මුර සංචාරයක නිරත පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අණ නොතකා ධාවනය කරමින් සිටි යතුරු පැදිකරුවෙකු ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු සහ පොලිස් නිලධාරින් අතර පොරබැදීමක් සිදුව තිබෙන අතර එම අවස්ථාවේ එක් නිලධාරියෙකු අත තිබූ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති අතර ඒ අසළින් ගමන් ගත් වෑන් රථයක සිටි හිමි නමකට වෙඩි ප්‍රහාරය එල්ලවී තිබුණි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ හිමිනම අඟුණකොළපැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අපවත් වී තිබුණි.
මෙලෙස අපවත් වූයේ හාතාගල රජමහා විහාරස්ථානයේ වැඩවිසූ පූජ්‍ය උණාටුවැවේ සීලරතන නම් 21 හැවිරිදි හිමිනමකි. මේ අතර පලායෑමට තැත්කළ සැකකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු හෙරොයින් ජාවාරම් සිදුකරන බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය පවසා තිබුණි.
නමුත් සැකකරු අත්අඩංගුවට පත් වුයේ කිසිදු දෙයකට සම්බන්ධ නැති හිමි නමක් අපවත් වීමෙනි.
ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පුහුණු කාලය තුල පොලිස් නිලධාරින්ට ඉලක්කයට වෙඩී තැබීමේ පුහුණුව ලබා දීමෙන් පසු යළි ඔවුන්ට වෙඩි පිටියට පිවිසෙන්නට ලැබෙන්නේ වසර ගණනාවකට පසුය.
පුහුණුවෙන් පසු රාජකාරියට යන පොලිස් නිලධාරියාට දිනපතාම රාජකාරී ගිනි අවිය ලැබුණද ඔවුන්ට වෙඩි තැබීම පිලිබඳ ඇත්තේ පුහුණු කාලයේ ලැබු පන්නරය පමණි.
පොලිස් සේවයට ඒක් වීමෙන් පසු යළිදු පොලිස් නිලධාරින්ට වෙඩි තැබීම පිලිබඳ ලබා දෙන පුහුනු වීම් ඉතා අල්පය. නමුත් ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරින්ට නම් අනිවාර්යෙන් මාස තුනකට වරක් වෙඩි තැබීම් පිලිබඳ පුහුණුවක් ලබා දේ. ඒමෙන්ම ඔවුන්ට මාසිකව ශාරිරික යෝග්‍යතා පිරික්සන පන්තිද පැවැත්වේ. සාමාන්‍ය පොලිස් නිලධාරියාට මේවා ලැබෙන්නේ නැත.
ඇතැම් විට පොලිස් නිලධාරින් ටී 56 ගිනි අවිය වෙනුවට පිස්තෝල ගිනි අවිය ලබා ගන්නේ ටී 56 උරහිසේ ඒල්ලා ගෙන සිටීම අපහසු බව පවසමිනි. නමුත් ගිනි අවියේ ක්‍රියාකරීත්වය ගැන ඔවුන් තුල නිසි අවබෝධයක් නොමැත.
ඔවුන් පොලිසියෙන් ලැබෙන ගිනි අවියේ ක්‍රියාකාරීත්වය පිලිබඳ පරික්ෂා කර බලන්නේ කලාතුරකිනි.
මීට හොඳම උදාහරණය වුයේ මාතර, නිලේකා ජුවලරිය කොල්ල කෑමට කොල්ලකරුවන් පැමිණි අවස්ථාවේ මාතර පොලිසියේ නිලධාරින් විසින් රැගෙන ගිය ගිනි අවිය ක්‍රියාත්මක නොවීමය.
අවසානයේ ඒම පොලිස් නිලධාරියාට කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් ජිවිතක්ෂයට පත් වීමට සිදු වුවේය.
සමාන්‍ය පොලිස් නිලධාරින්ට අවි පුහුණුව සඳහා යන වියදම වැඩි විය හැකිය. නමුත් මනුස්ස ජිවිතයක වටිනාකම රැක ගැනීමට පොලිස් නිලධාරියාට අවම වශයෙන් වසරකට වරක්වත් ගිනි අවි පුහුණුවක් හා ඒ් පිලිබඳ දැනුමක් ලබා දීම ඉතාම කාලෝචිතව ඇත.
ශානි