වතුකරය තුල පවතින බබර ප්රහාරයන් දිනෙන් දින වර්ධනය විමත් සමග වතු කම්කරුවන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති අතර එම වතු කම්කරු මේ වන විට දැඩි බියකටද පත්ව ඇත.
මේ පිලිබදව අදහස් දක්වන වතු කරයේ වතු කම්කරුවන් පිරිසක් පවසනුයේ වතු කරය තුල මේ වන විට සිදුවන බබර ප්රහාරයන් ඉහල යමින් පවතින බවත්ය.
පසු ගිය මාස දෙකක පමන කාලය තුලදි තේ වතු තුල සිදුවු බබර ප්රහාරයන් හේතුවෙන් තිදෙනකු මිය ගොස් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් මෙම තත්වයන් මත තේ වතු තුල තමන්ට නිසි ලෙස සේවය කිරිමට නොහැකි තත්වයක් පවතින බවත්ය.
දිනෙන් දින තේ වතු තුල සිදුවන මෙම බබර ප්රහාරයන් හේතුවෙන් තමන්ගේ ජිවිතද අවදානම් තත්වයන්ට පත්ව ඇති බවත් මෙම තත්වයන් මත මේ වන විට තේ වතු තුල සේවය කිරිමට වතු කම්කරුවන් දැඩි බියක් දක්වන බවද එම වතු කම්කරුවන් පිරිසක් වැඩි දුරටත් පවසන ලදි.
වතු කරය තුල පවතින මෙම බබර ප්රහාරයන් හේතුවෙන් වතු කම්කරුවන් මෙසේ විවිධ දුෂ්කරතාවයන්ට පත් වුවද මේ පිලිබදව අදාල බලධාරින්ගේ නිසි අවදානය යොමු නොවිම දැඩි කනගාටුවක් බවද එම පිරිස් තව දුරටත් පවසන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්