ඉන්දියාවේ සිට වතු කම්කරුවන් ශ්‍රිලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන මන්නාරමේ සිට මාතලේ දක්වා පාගමනක් පැවැත්වෙන බවත් එම පාගමන සදහා වතුකරයේ පිරිස්ද සහභාගි කරවිමට සැලසුම් කල යුතු බව කොළඹ ඇබකස් ආයතනයේ අධ්‍යක්ෂ ගෞතම් මහතා පවසයි.

මෙම පාගමන පිලිබදව හැටන් සමාජ සංවර්ධන ආයතනයේදි පැවති සාකච්වාවකදි මේ බව පැවසු ගෞතම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.

වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට පැමින වසර 200ක් පිරිම නිමිති කර ගෙන මේ මස 28වන දින මන්නාරමෙන් ගමන් ආරම්භ කරන පාගමන අගෝස්තු මස 12වන දින මාතලේ නගරයට පැමිණීමට නියමිතයි.

මෙම පාගමන සදහා සිංහල මුස්ලිම් ජනතාවගේද සහාය අපි ලබා ගත යුතුයි මේ වන විටත් මෙම පාගමන සදහා සර්ව ආගමික පුජකතුමන්ලාගේ ආශීර්වාදය ලබා දෙන බව පැවසෙයි. මෙම පාගමන මැදවච්චියේ සිට මාතලේ දක්වා ගමන් කරන කාලය තුලදි මෙම පාගමන සදහා රත්නපුරය, දෙනියාය, කුරුණැගල, බදුල්ල, නුවරඑළිය, හැටන්, බගවන්තලාව, යන ප්‍රදේශවලින්ද පිරිස් සහභාගි කරවිමටත් පියවර ගත යුතුයි.

මෙම පාගමන සදහා කිසිදු දේශපාලකයකුට හෝ කිසිදු දේශපාලන පක්ෂයකට නිල වශයෙන් ආරාධනා නොකරන බවත් ඕනැම අයකුට මෙම පාගනට එක්විය හැකි බවද ගෞතම් මහතා මෙහිදි වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories