මෙවර ඡන්දදායකයන් අතරින් සියයට පනස් දෙකක් පමන ඉන්නේ කාන්තාවන් එම නිසා මෙවර ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මේ රටේ කාන්තාවන් එකට අත් වැල් බැද ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ ආගරපතන සංවිධායිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.
ඩයගම ප්‍රදේශයේ ස්වාධින අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය පතා කාන්තා හමුවක් ඇමතු කල්‍යාණි සතරසිංහ මහත්මිය මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් කතා කරමින් මෙසේද පවසන ලදි.

මෙයට අවුරුදු දෙකකට පමන පෙර මේ රට තුල ඇතිවු අර්බුද කාලයේදි මේ රටේ කාන්තාවන් විශාල ලෙස අසරන වුනා ගෙදර කැම ටික උයාගන්න ගෑස් ටික ලාම්පු තෙල් ටික නැතිවුනා තම දරුවන්ට ඉගෙන ගන්න විදුලිය නැතිවුනා තම දරුවන්ට දෙන්න කිරි පිටි ටික නැතිවුනා ඒ විතරක් නොවෙයි ත්‍රිරෝධය එලවන වැන් කාර් ලොරි එලවන තම ස්වාමියා පැය ගනන් දින ගනන් පොලිම්වල දුක් විදින එක ගැන හුල්ල හුල්ල ඉන්න වුනා.
එදා එම අර්බුදයෙදි අද මේ කැගහන කිසිම කෙනෙක් මේ රට බාර ගන්න හිටියේ නැහැ එදා ගෝඨාභය රාජපක්ෂ මේ රට බාර ගන්න කියන විට අද ඔය රට අපිට දෙන්අපිට දෙන්න කියන අය මේ රට බාර නොගෙන පැනලා ගියා එත් පාර්ලීමේන්තුවේ තනි මංත්‍රිවරයකු ලෙස හිටිය රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ පැවති අභියෝග බාර ගත්තා එසේ බාර ගෙන ඉතාමත් කෙටිම කාලයක් තුලදි මේ රටට අවශ්‍ය ගෑස් ටික ඉන්දන ටික කිරි පිටි ටික බෙහෙත් ටික ගෙනල්ලා මේ රටේ ජනතාවට සහන සැලසිමට පියවර ගත්තා.

එම පියවරත් එක්ක තමයි මේ රටේ ජනතාවට යම් සැනසුම් සුසුමක් හෙලන්න හැකියාව ලැබුනේ එදා රනිල් වික්‍රමසිංහ මහතා මේ රට බාර නොගත්තානම් මේ රට බංගලිදේශයට වඩා අන්ත වෙනවා මතකනේ අරගලය කියලා අර පාර්ලීමේන්තු මංත්‍රිවරයෙක් පාර දිගේ ඇදගෙන ගිහින් මරලාදාපු හැටි.
අද වීරයෝ වගේ සමහර අය වේදිකාවල කැමොර දෙනවා රට මට බාර දෙන්න මට බාර දෙන්න කියලා එත් එදා මේ රට බාර ගන්න කියන විට මේ අය පැනලා ගිහින් හැංගුනා හොයා ගන්නත් බැරි විදියට එමෙනම් එහෙම හැංගිච්ච අයට මේ රට බාර දෙන්න පුලුවන්ද එම නිසා අපි මේ ජනතාවගෙන් ඉල්ලන්නේ කඩා වැටිච්ච මේ රට යම් තත්වයකට ගෙනත් ජනතාවට ජිවත් වෙන්න සහන සලසපු වත්මන්ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තවත් වසර පහකට මේ රට බාර දෙන්න 21වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය දෙන්න කියලා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts