wathu-kamkaru-pasnaya

වතු කම්කරුවන් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ වසර 200ක් ගතවිම සැමරිමට විවිධ පිරිස් කටයුතු කරනවා එමෙන්ම සමහර අය මෙහි තේමාව වතු කම්කරුවන්ට ඉඩම් ලබා ගැනීම බවත්  පවසනවා මෙය සැමරිම ගැන ස්තුතිය පුදකල යුතුයි එහෙත් මේ ඉඩම් ලබා ගැනිම මෙයට වසර විසි පහකට තිහකට පෙර කලානම් මේ වන විට මෙය විසදෙන්නත් ඉඩ තිබු බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක සංගමයේ නායක ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

ඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි මෙසේද පවසන ලදි.

මෙය පමාවිම පිලිබදව වතුකරයේ සමහර ප්‍රබල වෘත්තිය සමිති මෙන්ම වතුකම්කරුවන් නියෝජනය කරමින් බලය ලබා ගත් සමහර දේශපාකයන් වග කිව යුතුයි. එමෙන්ම මේ වතු ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය විසදන විට එය වෘත්තිය සමිති පක්ෂ පාටවලින් තොරව කල යුතුයි. එමෙන්ම අද වතු කම්කරුවන්ට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ජිවත් විමට සරිලන වැටුපක් නොමැති විම අද සමහර වතු කම්කරුවන්ට රුපියල් දහසේ දෛනික වැටුපවත් නිසි ලෙස ලැබෙන්නේ නැහැ අපි අවුරුදු 200 පිලිබදව පුරසාරම් දොඩනවා එත් මේ වතු කම්කරුවන් තුන් වේල කන්න නැතිව දුක් විදිනවා.

අද සමහර අය වතු කම්කරු දෛනික වැටුප රුපියල් 3000ක් කල යුතු බව කියනවා මයික් අල්ලවිට ඕනැම දෙයක් කියන්න පුලුවන් එත් මෙය කරන්න පුලුවන් දෙයක්ද කියලා මුලින් සොයා බැලිය යුතුයි මොකද වැඩි කල රුපියල් 1000 වත් නිසි ලෙස අදටත් නොලැබෙන විට මේ රුපියල් 3000 දෛනික වැටුප් ගැන මොන කතාද.

එමෙන්ම මේ වන විට වතුවල තේ වගාවන්ද අඩාල වෙමින් පවතිනවා එවන් තත්වයන් මත තව අවුරුදු දහයක් පහාලොවක් යන විට මෙම තේ වගාව විනාශවි අපිට පිටරටින් තේ කුඩු ගෙන්වන්න වෙයිද කියන්න බැහැ එම නිසා මේ පිලිබදව අවදානය යොමු කර තේ වගාව රැක ගැනිමට පියවර ගත යුතුයි මොකද මේ තේ වගාව නැති වුනොත් වතුකර ජනතාව ගැන කතා කරලා වැඩක් නැහැ.

අද වමතුකරයේ සියයට තිහක් පමන පිරිසක් තමයි වතුවල සේවය කරන්නේ මෙය ඉදිරියේදි තවත් අඩු වෙන්නත් පුලුවන් එවිට මේ තේ වගාවට මොකද වෙන්නේ මේ පිලිබදවත් අපි සියලුම දෙනා අවදානයක් යොමු කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories