අද එක්සත් ජාතික පක්ෂයේ 76 වෙනි සංවත්සරය. ගොඩක් අය සටහන් එකතුකරලා තිබුණා. ඒ සටහන් වලින් පේන පොදු දෙයක් තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති විදිහට රට ගොඩගන්න වැඩ කරනවාට වඩා පක්ෂය ගොඩගන්න කටයුතු කරමින් ඉන්න බව.
2015 දී රට හදන්න රට ගොඩනගන්න කියලා මෛත්‍රීපාල ජනාධිපති කළාම ඒ යකාට ශ්‍රීලනීපය ලොකු වුණා. මිනිහා ඊටපස්සේ තමන්ගේ ධුරයේ බලය වැඩියෙන් භාවිතා කළේ ශ්‍රීලනීපය නගාහිටුවන්න. ශ්‍රීලනීපය රාජපක්ෂලාගෙන් බේර ගන්න. දැන් රනිල් වික්රමසිංහත් ඒකම පටන් අරගෙන කරගෙන යනවා. උපදේශකයෝ ආණ්ඩුකාරයෝ සේරම එන්නේ සිරිකොතෙන්. ගමේත් වැඩ හොඳටම යනවා. ඒ හැමතැනකදීම ජනාධිපති ධුරයේ බලය තමයි භාවිතා කරමින් ඉන්නේ.
අපි හිතාගෙන ඉන්නවා මේ නායකයන්ට ලොකු ලොකු හීන තියෙනවා කියලා මේ රට ගොඩගන්න. ඇත්තටම එහෙම නෑ. රනිල් වික්‍රමසිංහ ට උනත් මේ වෙනකොට තියෙන්නේ ජේආර්ගේ කාලේ වගේ නැත්තං කොතලාවලගේ කාලේ වගේ යුගයක් යූඑන්පී එකට ආයෙත් ගේන්නේ කොහොමද කියනවා වගේ පොඩි පොඩි සූපින් හාල් කෑලි හීන. ඒ හීනය වෙනුවෙන් ගෝඨාභයගේ ඉතුරු භාග ධූර කාලය ගෙවාදාන්න තමයි මිනිහා ලෑස්ති වෙන්නේ. සමහර විට ඊළඟ ජනාධිපතිවරණයට අලියගෙන් තරග කරන්න අදහසක් ඇති. එහෙම එකක් තියෙනවා නම් රට හදන හීනය ඒදා වෙනකම් කල් දමාගෙන ඇති කියලා හිතෙනවා.
මේ යක්කු පක්ෂවල මේ විදිහට එල්ලිලා ඉන්න නිසාම තමයි අන්තර්කාලීන ආණ්ඩු වගේ සංකල්ප මේ පොළවේ පැලකරන්න බැරි. සුපිරි ඊගෝ අස්සේ තමයි මුන් රට හදන්න තමන්ට හීන තියෙනවා කියලා කියවන්නේ. ඒත් ඇත්තටම එහෙම නෑ. සජිත් ප්‍රේමදාසට ගේම ගහලා සජබ හාංසි කරලා ආයෙත් අලියා නැගිට්ටුවන්නේ කොහොමද වගේ හීනයක් තමයි රනිල් වික්‍රමසිංහට සහ මිනිහා වටේ ඉන්න අයට දැන් වෙනකොට තියෙන්නේ. ඒනිසා වෙන්න ඕනී සජිත් නායකයා කරලා නැවත යූඑන්පී වෙමු කියල සජබෙන් ආපු යෝජනාවට රනිල් වික්‍රමසිංහ සහ මිනිහා වටේ ඉන්න වජිර සාගල වගේ අය පස්ස ගහන්නේ.
මේ දවස්වල ලංකාවේ නායකයෝ එකතුවෙල මේ රට ගොඩදාන්න මහංසි වෙනවට වඩා එක එක පක්ෂ ගොඩදාගන්නේ ඒවාට පාක්ෂිකයෝ වැඩිකරගන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. එජාපය මේ විදිහට ජනාධිපති ධුරයේ බලය අවභාවිතා කරමින් පක්ෂය ප්‍රවර්ධනය කරනකොට අනෙක් පැත්තෙන් නව ශ්‍රීලනීපය ත් කුමාර වෙල්ගමගේ නායකත්වයෙන් චන්ද්‍රිකා ගේ ආශීර්වාදයෙන් වැඩට බැහැලා. ඒ අස්සේ පරණ ශ්රීලනීපයත් නායකාගේ බලය වැඩිකරන ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන්නල්ලා ඒක සම්මත කරගෙන. ඔවුනුත් ගේමට බැහැලා ඊළඟ ජනාධිපති ශ්‍රීලනීපයෙන් බිහිකරන්න.
අනෙක් පැත්තෙන් ඩලස් සහ ජී එල් ගේ නායකතවයෙන් පොහොට්ටුවේ කෑල්ලක් පක්ෂයක් බවට පත්වෙන්න කෝෂගතවෙමින් ඉන්නවා. හෙටානිද්දට සමනැලයෙක් වගේ පියාඹලා යාවී. ඒ අස්සේ විමල් වීරවංශ ප්රමුඛ චීනවාදියෝත් තවත් සභාවක් අටෝගෙන. ඔවුනුත් ඊළඟ ජනාධිපතිවරණයට චීන පෙරමුණ විදිහට සූදානම් වෙනවා.
මෙහෙම මෙහෙම පක්ෂ ව්‍යාපෘති නැඟලා යනවා. ඒ අස්සේ රටේ ආර්ථිකය ආගාධයටම වැටෙමින් තිබෙනවා. පාන් ගෙඩියක් රුපියල් 300යට යාවි කියනවා. ඒ අස්සේ කොළඹ වගේ නගරවල යාචකයෝ ඉල්ලාගෙන යැපෙන්නන් එන්න එන්නම වැඩිවෙමින් තිබෙනවා.
කොහොම වුණත් කමක්නෑ අපි ආයෙත් යූඑන්පී එකට හොඳ කාලයක් උදාකරමු.
…!!තාන්‍යයේ සැර …
කේ සංජීව