තම අසහාය නායකයා ලෙස කටයුතු කල ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ලෙස කටයුතු කරමින් සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව වතු කරයේ ජනතාව දැඩි කම්පනයකට පත්ව ඇත.

වසර ගනනාවක් පුරා වතු කම්කරු ජනතාවට විශාල සේවයක් කරමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් පිලිබදව නිරන්තරයෙන් සොයා බලමින් එම වතු කම්කරු ජනතාවට විශාල මෙහෙවරක් කල ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මෙම හදිසි අභාවයත් සමග 27වන දින වන විට වතු කරයේ විශාල පිරිසක් සේවයට නොගොස් තම ශෝකය පල කිරිමට එක්ව ඇත.

දික්ඔය, කොටගල, මස්කෙළිය, බගවන්තලාව, සාංචිමලේ, නොර්වුඩ්, දරවල, ආගරපතන, වැනි වතුවල මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ වතුවල විශාල කම්කරු ජනතාවක් තම අසහාය නායකයාගේ ඡායාරුපවලට මල් පුදමින්  පහන් පත්තුකරමින් තම අසහාය නායකයාට ගරු බුහුමන් දැක්විමට එක්ව සිටින අයුරු දක්නට හැක.

ආරුමුගන් තොණ්මන් මහතාගේ හදිසි අභාවය කන වැකුන මෙහෝතේ සිට වතුකරය තුල පමනක් නොව නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ නගරවලද ජනතාව දැඩි ශෝකයට පත්ව ඇති අකාරයක් දක්නට හැක.

ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ හදිසි අභාවය පිලිබදව අදහස් දක්වන වතු කම්කරුවන් බොහෝ දෙනකු පවසන්නේ ඔහුගේ මෙම හදිසි අභාවය තමන් කම්පනයකට ලක් කල බවත්ය.

ආරුමුගන් තොණ්ඩමන් යනු කිසිම දිනක ප්‍රශ්නවලින් පලා නොගිය එඩිතර කම්කරු වෘත්තිය සමිති නායකයකු බවත් ඔහු වතු කරයේ ජිවත්වන තමන්ගේ විවිධ ප්‍රශ්න පිලිබදව සොයා බලා තමන්ගේ ජිවන තත්වයන් නගා සිටුවිමට විශාල මෙහෙවරක් කල උදාර නායකයකු බවත්ය.

තම වැටුප් ප්‍රශ්නය තුලදි තම දෛනික වැටුප වැඩි කිරිම සදහා දැඩි අරගලයක් කර එම අරගලය ජය කනුව කරා ගෙන එමට සියලු කටයුතු සුදානම් කර තිබියද මෙසේ ඔහු හදිසියේ මියයාම දැඩි කනගාටුවක් බවද ඔවුන් පවසන ලදි.

වතු කරයේ ජිවත්වන තමන්ට හිසට සෙවනක් ලබා දිම සදහා නව නිවාස ඉදිකර දිමටද සුවිසාල මෙහෙවරක් ඉටු කරමින් සිටි ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ මෙම අකල් වියෝව තම ඉදිරි ගමනට එල්ලවු දරුනු පහරක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසන ලදි.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

More Stories